Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරි ගොවි ගැටලු විසදීමට දුරකථක අංකයක්

(බුද්ධිකා ඉඹුලාන)
 
ලංකාවේ පලමුවරට කිරි ගොවි ගැටලු විසදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවය ආරම්භ කිරීම  කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. "සවිය "නමින් හැඳින්වෙන මෙම සේවාව ' 6162 'දුරකතන අංක ඔස්සේ  ක්‍රියාත්මක වෙයි.
 
නිෂ්පාදනයේ දී කිරි ගොවියා මුහුණපාන ගැටලු සඳහා වන  ක්ෂණික විසඳුම්  "සවිය" සේවාව වෙතින් බලා දෙයි. මෙම සේවාව කිරි ගොවියාට ශක්තියක් වනු ඇති බවත් මේ තුළින් සැපැයෙන සේවාවන් මගින් දේශීය කිරි ගොවියා නඟා සිටුවීමට හැකිවන බවත් ඇමැති පී.හැරිසන්  මහතා පෙන්වා දෙයි.
 විදේශීය කිරිපිටි ආනයනය වෙනුවෙන්  වාර් කව වැයවන මිලියන 40 000 ක් බවත්  එම මුදල මෙරට තුළ ඉතිරි කරගැනීමට  ඉදිරියේදී දියර කිරි ප්‍රචලිත කිරීමට තම අපේක්ෂාව බවත් ඇමැතිවරයා කියයි.
 
මේ වෙනුවෙන් නවීන තාක්ෂණය ගොවියා වෙත හඳුන්වා දීමේ වැඩසටහන් නොකඩවාක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පවසයි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();