පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇති බව වාර්තා වේ .
මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත් දෙවැනි සැකකරු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් ප්‍රකාශ දෙකක් සටහන් කර ගත් බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවැනි සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අධිකරණයට දැන්වීය.
සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
The post පුජිත්ට සහ හේමසිරිට එරෙහි නඩුව කල්යයි. appeared first on Lanka News Column.

0 Comments