Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
පසුගිය ජුලි මස 06 වනදා පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්ව තිබුණි.
 
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.
 
ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත.
 
මෙය ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();