අගවිනිසුරු ජයන්ත ජයසූරිය කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබේ.ඔහු කෝප් කමිටුව හමුවේ පෙනී සිටින්නේ මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස ය.
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යටතේ පවතින මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කිරීමට යාම පිළිබඳව විමසීමට ඔහු කැඳවන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කියා සිටියි.
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.30ට රැස්වීමට නියමිත ය.
The post අගවිනිසුරු ජයන්ත ජයසූරිය අද කෝප් කමිටුව හමුවට. appeared first on Lanka News Column.

0 Comments