Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් සමඟ 4ක් අත්අඩංගුවට

පිළියන්දල පොලිස් වසමේ හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අද(15) සවස ලද තොරතුරක් මත විමර්ශන සිදු කළ පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
එහිදී අදාළ නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ මෙම ඩෙටනේටර් ගෙනැවිත් දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
පිළියන්දල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();