Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාව 'චන්ද්‍රයාන් 2' සඳ තරණය කල්දමයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සඳ තරන රොකට්ටුව ගුවන්ගත කිරීම කල්දමා තිබේ.
 
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගත කිරීම අත්හිටුවූයේ නියමිත වේලාවට සුළු මොහොතකට පෙරයි. ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කළේ රොකට්ටුවේ තාක්ෂණික දෝෂයක් මීට හේතුවූ බවයි. එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් ඇතුළු සියලුදෙනාට ඉන් ඉවත්ව යන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.
 
චන්ද්‍රයාගේ දක්ෂිණධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතව තිබූ පළමු අභ්‍යාවකාශ යානය ලෙසයි ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සැලසුම් කර තිබිණ. එය සාර්ථක වුවහොත් චන්ද්‍රයා මතට යානයක් ගොඩබැස්සවූ 4 වැනි රට බවට ඉන්දියාව පත් වෙයි. මීට පෙර චන්ද්‍රයා මතට යානයක් ගොඩ බස්සවා ඇත්තේ සෝවියට් දේශය, අමෙරිකාව හා චීනය පමණයි. 
 
ඉන්දියාව මෙම අභ්‍යවකාශ වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැයකර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();