Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරටුවේ රිය අනතුරකින් 08කට තුවාල

මොරටුවේ  අද(19) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයක් 08දෙනෙකු තුවාල ලබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
කොළඹ - ගාල්ල මාර්ගයේ කටුබැද්ද හන්දියේදී මෙම අනතුර සිදුව තිබේ. 
 
කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් පිළියන්දල දෙසට හැරවීමට යාමේදී ගාල්ල දෙසට ධාවනය වූ තවත් වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.
 
එක් වෑන් රථයක් මාර්ගය අසල පිහිටි ආපන ශාලාවකට කඩා වැදී ඇති අතර, ඉන් ආපන ශාලාවට දැඩි හානි සිදුව තිබේ.
 
මෙම අනතුරික් වෑන් රථ රියදුරන් දෙදෙනා සහ තවත් 06දෙනෙකු තුවාල ලබා කළුබෝවිල සහ පානදුර රෝහල් වෙත රැගෙන ගොස් ඇති බව සදහන් වේ. අදාළ ආපන ශාලාවේ සිටි පාරිභෝගිකයකු සහ සේවකයින් කිහිපදෙනෙකු ද තුවාල ලෑබූවන් අතර සිටින බව වාර්තාවේ. 
 
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();