Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති දුෂාන්බේ Nurek ජල විදුලි බලාගාරයේ

නිරීක්ෂණ චාරිකාවකආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වැනි සමුළුවට සහභාගීවීම සඳහා ටජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා (14) පෙරවරුවේ දුෂාන්බේ නගරයේ පිහිටි Nurek ජල විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විදුලි බලාගාර පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ටජිකිස්ථාන උප අගමැතිවරයා විසින් වන අතර, එහි දී ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් අලංකාරවත් උත්සවයක් ද සංවිධාන කර තිබිණි.

Nurek ජල විදුලි බලාගාරය ටජිකිස්ථානයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන අතර, අධික ශීත කාලයේ විශාල වශයෙන් පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට පමණක් නොව ගිම්හාන කාලයේ අතිරික්ත බලශක්තිය අපනයනය කිරීමට ටජිකිස්ථානයට හැකියාව ලැබී තිබේ. විදුලි බලාගාරයේ ඉදිකිරීම් සම්පූර්ණවීමෙන් අනතුරුව ටජිකිස්ථානයේ විදේශීය ඉපැයුම් අතරේ විදුලිබල අපනයනය ප්‍රධාන තැනක් ගනු ඇත.

විදුලි බලාගාරයේ කටයුතු මෙහි දී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් ද ජනාධිපතිවරයා වෙත සිදු කෙරිණි.

ඡායාරූප -සුදත් සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();