Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රතු නිවේදනය නිසා බෝම්බකරුවන් අත්අඩංගුවට

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා තමන් කළ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇත.

එම වෙබ් පිටුවේ සඳහන් පරිදි ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බවයි.

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඞ් මිල්හාන් හයතු මොහොමඩ් යන නමින්ය.

මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නැමැත්තා ඇතුළු පස්දෙනෙකු සෞදි ජෙඩා නුවරදි අත්අඩංගුව ගෙන ඊයේ (14) මෙරටට ගෙන එන ලදී.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();