Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් මියන්මාරයේ දි අත්අඩංගුවට

පසුගිය අප්‍රේල් 21 ඉරිදා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මියන්මාර්හි යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත අදාළ සැකකරු පැමිණ ඇති අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අදාළ සැකකරු අබ්දුල් සලාම් ඉර්ෂාඩ් නැමැති 39 හැවිරිදි අයෙකි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාරයේ සංචාරක පොලීසිය විසින් පසුගිය බදාදා සියලුම හෝටල් වෙත දැනුම් දීමක් සිදුකර ඇත. එරට සංචාරක පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ අදාළ සැකකරු වීසා බලපත්‍ර වලංගු කාලයට වඩා වසරකුත් මාස 2ක කාලයක් මියන්මාරයේ පදිංචිව සිට ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();