පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ප්‍රසව හා නාරි වේද වෛද්‍ය ෂියාබ්දීන් සාෆි මහතා වඳ සැත්මක් කර ඇත්නම් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව මාධ්‍ය වෙත පැවැසීය.
“වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අයථා වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන්. සිසේරියන් සැත්කම් කරලා අම්මාවරු වඳකරලා තිබෙනවානම් එල්ලා මරන්න ඕන. කිසිම තර්කයක් නෑ ඒක.
සිසේරියන් සැත්කම් 8000ක් කරනවා කියන්නේ දවසකට එක ගාණේ කළත් අවුරුදු 20ක් විතර යනවා. එයා එහෙම කරලා තියෙනවානම් මරන්න ඕන.
දැන් මෙතන ප්‍රශ්නය තිබෙන්නේ අද තිබෙන හදිසි නීතිය නිසා අල්ලන හැම කෙනාම දානව ත්‍ර ස්තවාදි පනත යටතේ.
ත්‍රස්තවාදය නොවන මිනිහත් ත්‍රස්තවාදියෙක් වෙලා තිබෙනවා. සමහර වෙලාවට අතේ වැඩිපුර සල්ලි ටිකක් තිබුණම අල්ල ගන්නවා. මුදල් විශුද්ධීකරණය යටතේ නෙමෙයි දානනේ ත්‍රස්තවාදී පනත යටතේයි.
රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයා ගැන පරීක්ෂා කරන එක ජනපතිගේ වගකීමක්. වැරදි කරලා තිබෙනවානම් හිරේ දාන්න ඕන.”
The post වඳ සැත්කම් කර ඇත්තම් වෛද්‍ය සාෆිට මරණ දඬුවම දෙන්න appeared first on Lanka News Column.
0 Comments