මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, රට රකින – රට හදන ජාතික මග වැඩසටහන පිළිබඳව මහානාහිමිවරුන් දැනුවත් කර අනුශාසනා ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කවුරුත් දන්නවා පසුගිය පාස්කු ඉරිදා සිදුවෙච්ච අන්තවාදී ප‍්‍රහාරය. ඒ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට රටක් හැටියට, සමාජයක් හැටියට අපි කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන පක්ෂ භේදයෙන් තොරව, වෘත්තීයවේදීන්, මන්ත‍්‍රීතුවරු, ආගමික නායකයින් එකතු වෙලා අපි ජාතික මග කියල ආයතනයක් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූවා. එතනදී අපි කරුණු 7 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා රටට ස්ථිර වශයෙන්ම මේ අන්තවාදය මැඩලා සාමකාමී සාමාජයක් ඇතිකර ගන්න. ඒ වැඩපිළිවෙල අපි මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ටත්, අනුනායක ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන්ටත් ලබාදී උන් වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම තමයි අද දින සිදු කරනු ලැබුවේ.
මහානාහිමිවරු සෙසු සමාජය වගේම මෙම සිදුවීම් ගැන කම්පනයෙන් ඉන්නේ. ඉදිරියේදී අපට අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ දේශනා කළා උන් වහන්සේලාත් යම් නිශ්චිත යෝජනාවලියක් රජය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවන බව. දැනටමත් මහානායක ස්වාමීන් වහන්සේලා සිව් නමම රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුවරු හා එම අමාත්‍යාංශයන් ආයතනත් එකතුවෙන්, ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙනවා යෝජනාවලායක්. අපි ඉදිරිපත් කරලා තිබෙනවා යෝජනාවලියක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීතුමාලා, දෙමළ සංධානයේ මේ සියළු දෙනාගේම අදහස් උදහස් ඇතිව අපේ බලාපොරොත්තුව ඉදිරි මාසය හෝ දෙකක් ඇතුලත මේ ප‍්‍රශ්නය ස්ථිරසාරව විසඳන්න පුළුවන් ජනතාවගේ සැකබිය දුරු කරන්න පුළුවන් නීති පද්ධතියක් ඇතිකරලා දිගු කාලීන විසඳුම් ලබාදීම රජයේ අරමුණයි.
හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ. ස්ථිර නීතියක් යටතේ මේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා, අන්තවාදී කි‍්‍රයා වෛරී ප‍්‍රකාශ කරන කවරෙක් හෝ වේවා, මුස්ලිම් මූලධර්මවාදීන් වේවා, වෙනත් අය වේවා මර්ධනය කිරීම සඳහා කටයුතු යොදා ගැනීම. ඒ වගේම වෙනම පාලනයක්, වෙනම සමාජයක් ඇතිකරගෙන යාම, විශේෂයෙන්ම මද්රාසා පාසල්, ෂරියා විශ්ව විද්‍යාල, බුර්කා ඇඳුම් පැළඳුම්, අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යාම, වෙනම පාලනයක් පවත්වාගෙන යන තත්වයන් වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කිරීම. ඒ වගේම අහිංසක නිරායුධ පුද්ගලයින්ගේ දේපල විනාශ කිරීමට කටයුතු කරන පිරිස් දැඩිව ඍජුව මර්ධනය කරලා සාමකාමී වාතාවරණයක් සමාජයේ ඇති කර ගැනීමට කටයුතු කිරීම. ඒ වගේම මේ සිද්ධියෙන් විශාල ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. ඒ ව්‍යසනයට පත් වූ පිරිස්වලට දැනටමත් රජයෙන් යම් යම් සහන දීලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් අපි යෝජනා කළා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ආරක්‍ෂක මණ්ඩලවලට යන්න ඕනේ කියලා. අපිට සතුටුයි කියන්න දැන් ආරක්‍ෂක උපදේශක සභාවක් හදලා තිබෙනවා, ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කතානායකතුමා සිටින. එය අපි හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද මේකට පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නැහැ ඉදිරියට යන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි නීති රීති ටික සකස් කර ගන්න පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම කැමැත්තෙන්.
දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් යෝජනා 11 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක අපි ආරක්‍ෂක ආංශික කාරක සභාවට ඉදිරිපත් කළා. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැය ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල තිබෙන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපේ ඉලක්කය ඒ ඒ ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යංශවල ඒ කාර්ය භාරය හැකි ඉක්මනින් ඉටු කරලා පාර්ලිමේන්තුවේ ඒ නීති සම්මත කරගැනීම කටයුතු කරයි කියලා. එතනදී අපේ කිසිම පක්ෂ බේදයක් නැහැ අපි සියලූ දෙනාම එකට එකතුවෙනවා.
අපි සියළු දෙනාම අපේ ඔලූවේ යම් යම් අදහස් තිබෙනවා වෙන්න පුළුවන්. අපි යම් යම් ඇදහීම්වල ඉන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන්නේ වෙනස් සියළු ඇදහීම් ඇති සමාජයක. ඒ නිසා අපි ඒවාගැන පරිස්සම් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට බයිබලයේ තිබෙනවා ඇසට ඇසක්. දතට දතක් කියලා. එතකොට ඇපේ කාදනල් වහන්සේ ඇතුළු පිරිස් ඒවා කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා කතෝලික ජනතාවට කිව්ව නම් අද මේ රටේ තත්වය මොකද්ද? එහිදී උන් වහන්සේලා බුද්ධිමත්ව කටයුතු කලා. බුද්ධිමත්ව කටයුතු කරලා සමාජය සමහන් වෙන්න කටයුතු කළා එය තමයි ආගමික නායකත්වයේ වගකීම. දේශපාලකයන්ගේද වගකීම එය විය යුතුයි. දේශපාලකයාගේ වගකීමත් තමන්ගේ ඔලූවේ තිබෙන අදහස ප‍්‍රකාශ කිරීමවත්, ඒ වගේම තමන් දරණ මතය පිළිබඳව ඉවක් බවක් නැතිව අනෙක් අයගේ මත ගැන හිතන්නේ නැතිව කටයුතු කිරීම. තිබෙන සංස්කෘතික තත්වයක්, මිනිසුන්ගේ ඇදහීම්, ඒවාට ගරු කරමින් සමාජයේ ප‍්‍රශ්න ඇතිනොවන ආකාරයට තමන්ගේ මතවාද ප‍්‍රකාශ කිරීම තමයි දේශපාලකයාගෙත් වගකීම යැයි පැවසීය.
The post අරාබි භාෂාවෙන් නාමපුවරු ප්‍රදර්ශනය, වෙනම පාලන ක්‍රම නීතියෙන් මැඩලිය යුතුයි (AUDIO) appeared first on Lanka News Column.
0 Comments