Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද හිටපු ආරක්ෂක ප්‍රධානින් හමුවෙයි

තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේදී අද පැවැත්විණ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක සහ ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පියවර ගැනීමට තමන් සූදානම් බවයි.

මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();