දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නිවස පූර්ණ පරීක්ෂාවකට ලක් කළ බවයි.
එම නිවසේ තිබී රුපියල් කෝටියක් පමණ වටිනා දේශීය සහ විදේශීය මුදල් ද සොයා ගෙන ඇති අතර එහි තිබී රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ද සොයා ගත් බව සදහන්.

0 Comments