මාර්තු 29 වැනිදා සිට තිරගත වන නවතම බොලිවුඩ් නිර්මාණය නෝට් බුක් 2014 වසරේ තිරගතවූ තායි සිනමා නිර්මාණයක්වූ ටීචර්ස් ඩයරි සිනමා පටයේ ප්‍රති නිර්මාණයකි.
එය 87 වැනි ඇකඩමි සම්මාන උලළේ හොඳම විදෙස් භාෂා සිනමා අංශයට තරග වැදුණු චිත්‍රපටයකි.
ගුරුවරයකුට දුරස්ථ පාසලක උගැන්වීමට ඇරියුම් ලැබෙයි. එහිදී ඔහුට කලින් වසරේ ගුරුවරියක විසින් දමා ගොස් තිබූ දින පොතක් ලැබී එය කියවීමට ගනී.
ඇය සිය ටැටූව ඉවත් කිරීමට අකැමැති වූ නිසා නගරයේ පාසලෙන් නෙරපූ අයෙකි. ඔහු ඇයගේ භාෂා රටාවට වශී වන අතර ඇය ලියූ දේ ට ප්‍රතිචාර දැක්වීමට පෙලඹුණි.
ඔහු නික්ම ගොස් ඇය නැවත ආ පසු ඇය ඔහුගේ ප්‍රතිචාර කියවන්නට ගනී. ඇයගේ හදවතේ ද ඔහු පිළිබඳ සෙනෙහසක් මෝදු වෙයි.
සුපිරි ඛාන් තරුව සල්මන් ඛාන්ගේ සිනමා නිෂ්පාදනයක් වන මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නිතින් කක්කාර්ය.
සහීර් ඉක්බාල්, කබීර් නම් ගුරුවරයා ලෙසද ගුරුවරිය ෆර්ඩෝස් ලෙස ප්‍රානූතන් බාහි ද රංගනයෙන් දායකවී ඇත.
ප්‍රානූතාන් මෙන්ම සහීර් ද සිනමාවට නවකයන්ය. ප්‍රානූතාන් යනු විශිෂ්ට සම්මානනීය නිළි නූටාන්ගේ මිනිබිරියකි. සහීර් සල්මන්ගේ හොඳම මිතුරකුගේ පුතෙකි.
නවකයන් හඳුන්වා දීමට සල්මන් ඛාන් කවරදත් රුසියෙකි.

0 Comments