Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ETC කාඩ්පත් ලියාපදිංචිය දැන්

(ක්‍රිසන්ති විතාරණ)
 
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම්  කලමනාකරණ අංශය මගින් අධිවේගී මාර්ග පරිහරණය කරන්නන් වෙනුවෙන් හඳුන්වා දෙන නව  ETC කාඩ්පත් ( Electronic Teller Card) ලියාපදිංචිය මාර්තු මස 25 සිට අප්‍රියෙල් 11 දක්වා සිදු කෙරේ. 
 
මෙම නව ගෙවීම් ක්‍රමය මගින් අධිවේගී මාර්ග භාවිතා කරන ජනතාවට වාහන සඳහා ගාස්තු ගෙවීම කාර්යක්ෂමව සිදු කිරීමේ අවස්ථාව හිමි වේ. 
 
මේ වන විට කොළඹ කටුණායක අධිවේගී මාර්ගයේ පමණක් මෙම කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුකම් සලසා ඇති අතර ඉදිරියේ දී කොළඹ පිටත වටරවුම් මාර්ග‍ය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ජනතාව වෙනුවෙන් ද මෙම ගෙවීම් පහසුව සැලසෙනු ඇත. 
 
පිටවීමේ දොරටු වලින් මුදල් ගෙවා වාහන ගමන් කිරීමේ දී පැයකට වාහන 250ක ප්‍රමාණයකට සීමා වන අතර පෙර ගෙවීම් කාඩ් පත් භාවිතයේ දී මීට වඩා පස් ගුණයකින් පිටවීමේ හැකියාව හිමි වේ. 
 
නව ETC කාඩ්පත් ලියාපදිංචිය මේ වන විටත් ජා-ඇල, සීදුව, කටුනායක හුවමාරු මධ්‍යස්ථාන වලදී සිදු වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1969 දුරකතන අංකය මගින් ලබා ගත හැකිය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();