ඇගේ නම - චතූ රාජපක්ෂ
වෘත්තීය - රංගනය සහ නිවේදනය
ඇය රංගනයට පිවිසුණේ - වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ පාටක් නැති ආදරයක් සිනමාපටයෙන්
ඉන් පසුව රඟපෑ නිර්මාණ - ටෙලි නාට්‍ය - ආදරේ ගින්දරක්, කොළඹ අපි ආවා, රතු පිච්ච
චිත්‍රපට - කිඩ්නැප්
මේ දිනවල චතූ දැකග ත හැකි වන්නේ - නිළියක් ලෙසට - ඉරුදේව ටෙලි සිතුවමේ ප්‍රමිතාගේ චරිතයෙන්
නිවේදිකාවක් ලෙසට - සිරස නාළිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සහ එම නාළිකාවේම ලියතඹරා වැඩසටහනෙන්
චතූ ඉගෙන ගත් පාසල - මොනරාගල නන්නපුරාව මහ විදුහල
ගම - බදුල්ල (වර්තමාන පදිංචිය පිළියන්දල)
ප්‍රේමවන්තියක් හෝ නොවේද යන වග - නොවේ
උපන් දිනය - ජූලි 31
විවාහ වන්නට බලාපොරොත්තු වන කෙනාගේ ක්ෂේත්‍රය - කලා ක්ෂේත්‍රය හැර වෙනත් ක්ෂේත්‍රයක අයෙක්
ජනප්‍රියත්වය ගැන චතූ හිතන අන්දම - ජනප්‍රියත්වය ගැන ලොකු බලාපොරොත්තු නැත
ක්ෂේත්‍රයේ ගමන - බොහොම සෙමින් යන්නක්
ඉක්මනින් ජනප්‍රිය වන අය ගැන චතු කියන්නේ - ඒ අය ඉක්මනින් එනවා, ඉක්මනින් යනවා
රංගනය සහ නිවේදනය යන ක්ෂේත්‍ර දෙකෙන් ඇය වඩාත් ප්‍රිය - නිවේදනයට
හේතුව - ප්‍රවෘත්ති නිවේදිකාවකට සමාජයේ පිළිගැනීම වැඩි වීම
රඟපාන්න ආරාධනාවක් ලැබුණාම චතූ කල්පනා කරන්නේ - ඒ වන විටත් නිර්මාණයකට එකතු වී සිටිනවාද යන කාරණය
එහෙම නිර්මාණයක් බාරගෙන සිටී නම් - වෙනත් ආරාධනා සුහදව ප්‍රතික්ෂේප කරනවා
එහෙම අවස්ථාවක් චතූ මඟ හරින්නේ - එක දිගට නිර්මාණ බාරගෙන ඒවාහි තමන්ට ලැබෙන චරිතවලට අසාධාරණයක් වේවි කියලා හිතෙන නිසා
අනාගත බලාපොරොත්තු - කලාකාරිනියක හැටියට හොඳ නමක් දිනාගැනීම
පවුලේ විස්තර - අක්කයි මල්ලියි, නංගියි, තාත්තයි. අම්මා විදෙස් ගත වෙලා ඉන්නේ.
කලා කටයුතුවලට චතු යන්නේ - තනිවම

චතුගේ ඡායාරූප ගත්තේ - නිශ්ශංක විජේරත්න
ප්‍රසාද් සමරතුංග
හැඩගැන්වීම - සන්ධ්‍යා බණ්ඩාර

0 Comments