අද වන විට මේ රට විදේශීය රටවල ගොදුරක් බවට පත්වී තිඛෙන බවත් වෙනත් රටවලට පැමිණ මේ රටේ පිනුම් ගහන්න පුලුවන් තත්වයකට පත්ව ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලාංකික සම්බන්ධීකාරක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ජාතික සමතා බලවේගය කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා
ජිනීවාහිදී 30-1 යෝජනාවට සමදායකත්වය ලබාදීම තවදුරටත් දීර්ඝකර ගනිමින් ඇමරිකාව වැනි විදේශීය රටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් තබන මේ රනිල් මංගල වන්ද්‍රිකා සිරිසේන ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතුයි. එමෙන්ම එලඛෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් මෙම 30-1 යෝජනාවෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ජනවරමක් ඉල්ලිය යුතු බවද සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සදහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ,ආචාර්ය වසන්ත බණ්ඩාර සහ නීතීඥ කළ්‍යානනන්ද තිරාණගම යන මහත්වරුන්ද එක්ව සිටියහ.
0 Comments