Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදේශ ඇමැති හා සුමන්තිරන්ගේ ප‍්‍රකාශ හුදු නාට්‍යයක් පමණයි

දෙමුහුන් අධිකරණයකට විරුද්ධ බවට විදේශ ඇමැති තිලක් මාරපන මහතා කළ ප‍්‍රකාශය ජනතාව රැවටීම සඳහා කළ ප‍්‍රකාශයක් පමණක් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඊයේ (26) ජාතික සමතාබලවේගය කැදවා තිබූ මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

ආණ්ඩුව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රණවිරුවන් සර්ව ලෝක අධිකරණ බලයට යටත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් තවදුරටත් රණවිරුවන්ට නඩු පැවරීම සඳහා දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවන බව ද ඒ මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමැති තිලක් මාරපන මහතා දෙමුහුන් අධිකරණයකට විරුද්ධත්වය ප‍්‍රකාශ කරද්දී, දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බවටත් එසේ නොමැති නම් අන්තර් ජාතික යුද අධිකරණය හමුවට යන බවටත් කළ ප‍්‍රකාශයන් හුදු නාට්‍යයක් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();