ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ නමට අති සුඛෝපභෝගි ජංගම හෝටල් කාමරයක් ගෙන්වා තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ නමට, ජනාධිපති කාර්යාලයේ ලිපිනයට මේ හෝටල් කාමරය තනි කන්ටේනර් පෙට්ටියක රැගෙන විත් ඇති බව රේගු ආරංචි මාර්ග සදහන් කරයි.
එම ජංගම හෝටල් කාමරය සහිත කන්ටේනර් පෙට්ටිය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර ඇති අතර තමන් එම ස්ථානයට පැමිණෙන තුරු එහි ආවරණ ඉවත් නොකරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
මීට පෙර ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ද සිය පරිහරණය සඳහා මෙවැනි අති සුඛෝපභෝගි බස් රථ දෙකක් ගෙන්වාගෙන තිබූ අතර මෛත්රීපාල සිරිසේනද ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසුගිය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ගේ එම අධිපරිභෝජනවාදී රටාව දැඩිව විවේචනය කළේ ය.
(lankathruth)
The post අති සුඛෝපභෝගි ජංගම හෝටල් කාමරයක් ජනාධිපති මෛත්රිපාල සිරිසේනත් ගෙන්වයි. appeared first on Lanka News Column.
0 Comments