Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්

(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පුද්ගලික සමාගමක් වෙත පිරිනැමීම සිදු කෙරෙනු ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();