මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 8 ක් සමඟ මීගමුව කට්ටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ දී පසුගිය දා( 23) පුද්ගලයකු අත්අඩංගුවට ෙගන ඇත.
සැකකරු ගේ තොරතුරු මත හලාවත ඒත්තුකාලේදී තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් මෙම මත්කුඩු තොගය බෙදා හැරීමට තමන්ට ලබා දුන්නේ එම මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි. මේ වන විට මන්ත්‍රිවරයා සහ ඔහුගේ පුතා සැඟවී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමඟ එක්ව මෙහෙයුමක්ද දියත් කැර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රීයාත්මක වේ.
ගයාන් කුමාර වීරසිංහ

0 Comments