Ticker

    Loading......

Header Ads Widget

රාජපක්ෂ පාලනය ඇතිකළේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4යි

Author(s): 
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

රටතුළ සිදුවූ සියලු සංවර්ධන කටයුතු මහා බ්‍රහ්මයා පරිදි රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති බව පවසන්නට ඇතැමුන් උත්සාහ කළ ද රාජපක්ෂ පාලනය විසින් ඉටුකර ඇත්තේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක් පමණක් යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(28) ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, සූරියවැය ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව එම සංවර්ධන ව්‍යාපෘති හතර බවත් ඇමැතිවරයා සඳහන් කළේය. අධිවේගි මාර්ග පද්ධතියේ අයිතිය ද එම පිරිස් විසින් අත්පත් කර ගන්නට උත්සාහ කළ ද කටුනායක අධිවේගි මාර්ගය සඳහා සැළසුම් 1968දීත් දක්ෂිණ අධිවේගි මාර්ගය සඳහා සැළසුම් 1991දීත් සකස් වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයක් ඇතිකිරීමේ සැළසුම් 1994දී සකස් වූ අතර රාජපක්ෂ පාලනයේ දී මෙන් වර්තමානයේ දී ටෙන්ඩර් මිතුරන් වෙත ලබාදීම සිදු නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර ඉදිරිපත් කළ කරුණු කිහිපයක් වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();