(බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)
වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ අරමුනෙන් සහ වින්දිතයන් සඳහා අවශ්‍ය සහය දීම පිණිස බිම්බෝම්බ පිළිබඳ කටයුතු කිරීමේ ජාතික වැඩසටහන වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පළාත්වල පැවැති ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස පුද්ගල නාශක බිම් බෝම්බ හා යුද බිමෙහි ඉතිරිවූ පුපුරණ දුව්‍යවලින් බලපැමට ලක්වූ වින්දිතයන් සංඛ්‍යාවක් පමණ වේ. වර්ග කිලෝමීටරක් 1302 පමණ බිම් බෝම්බ පැතිරී තිබීම හේතුවෙන් අනතුරුදායක යැයි සැක කෙරෙන ප්‍රදේශ තුළින් වර්ග කිලෝමීටර 25 ක් හැර ඉතිරිය පරික්ෂා කර බිම් බෝම්බවලින් තොර ප්‍රදේශ බවට පත් කිරීමට ශ්‍රි ලංකාව විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ඡාත්‍යන්තරව ද ඇගැයීමට ලක්වී තිබේ.

0 Comments