Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෝදි, හදිසියේ ත‍්‍රිවිධ හමුදාපතිවරුන් කැඳවයි

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, එරට ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හදිසි සාකච්ජාවකට කැඳවා තිබේ. ඒ, පකිස්තානය එල්ල කළ ප‍්‍රහාරයකින් ඉන්දීය ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානාවක් විනාශ වීමෙන් පසුවයි.

පැය 24ක් තුළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ත‍්‍රිවිධ හමුදාපතිවරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා සාකච්ජාවකට කැඳවූ දෙවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මේ අතර පකිස්තානය ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන සිටින සිය ගුවන් නියමුවා නැවත සිය රටට භාරදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දියාව ප‍්‍රකාශ කර තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ වින් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් නමැති ඉන්දීය ගුවන් නියමුවෙකි. ඔහු පකිස්තාන හමුදා විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යන වීඩියෝවක් ද අන්තර්ජාලයේ සීඝ‍්‍ර ලෙස හුවමාරු වෙමින් පවතියි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();