Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය.

අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නෑ. අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා.

අද පාර්ලිමේන්තුව ගියත් මට කනගාටුයි. ආණ්ඩුවේ අය විපක්ෂයේ අයට පට්ට හොරු , කම්බ හොරු කියනවා, මේ වගේ දරුවෝ තමයි ලොකු වෙලා මේවායේ තනතුරු වලට යන්නේනේ. ඒ නිසා ඔබලාගේ දරුවෝ හොඳට හදන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();