රටේ ජයග්‍රහණය තීරණය කරන්නේ ගම්පහ ජනතාවගේ මතයයි. ඉදිරියේදී අවශ්‍ය නායකත්වය ජයග්‍රහණය කර ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමේ වගකීම ගම්පහ ඔබට තිබෙනවා. වැඩ කරන නායකත්වය ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වෙන ලෙස අප ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පැවැසීය. රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පැවැත්වූ එළිය වැඩසටහනට එක්වෙමිනි.
එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ කීය.
අද අප කතා කළ යුත්තේ අනාගතයේ රට මොන වගේ විය යුතුද යන්නයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදවු කළා. ඒක රහසක් නොවේ. නමුත් අපි ණය ගත්තේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම ඉතාමත් වැදගත් ස්ථානයක තිබෙන නිසා චීනය අපේ රටත් සමඟ සම්බන්ධ වෙලා වැඩ කිරීම ගැන විවිධ බලවත් රටවල් ඒ ගැන කලබල වුණු එක රහසක් නෙවේ. නමුත් රටේ නිදහස ස්වෛරීභාවය ගැන හොඳ අවබෝධයකින් තමා අපි කටයුතු කළේ.
ඕනෑම තාක්‍ෂණික කර්මාන්තයකට පුහුණු කරන්න පුළුවන් හොඳ තරුණ පරපුරක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම 20 වැනි ශතවර්ෂය ලෝකයේ දැනුම මුල් වුණු ශතවර්ෂයක් ලෙස හඳුන්වනවා. එම කාල වකවානුව තුළ අපේ රටෙත් දැනුම මුල් වුණු කර්මාන්ත හරහා රට දියුණු කරන්නට හැකි නිපුණ ශ්‍රම බළකායක් රටේ සිටිනවා. මේ ගැන මම ආර්ථික අතින් දියුණුම රටක ආර්ථික ප්‍රභූවරයෙක් මුණගැසුණු අවස්ථාවක ඔහුට කිව්වා. ඒ අවස්ථාවේ ඔහු පැවැසුවේ ඕනෑම විදේශ අයෝජනයකට පමණක් නොවේ ඔබේ රටේ සිටින ආයෝජකයන්ට පවා ආයෝජනය කරන්නට නම් රට තුළ යම් ලක්ෂණ තිබිය යුතු බවයි. එතුමාගේ ඒ කතාවෙන්ම පැහැදිලි වෙන්නේ අද රට තුළ එවැනි තත්ත්වයක් නොතිබෙනවා යැයි හැඟීමක්. ඔවුන් තුළ ඇති වෙලා තිබෙන තත්ත්වයක්. එතුමා මට මුලින්ම කිව්වේ රටේ ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බවයි. ස්ථාවර ආණ්ඩුවක් නැතිනම් කිසිම ආයෝජකයෙක් ආයෝජනය කරන්නේ නෑ. අපි දන්නවා මේක ඉතාමත් වැදගත් සත්‍යයක්. එදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ස්ථාවරත්වයක් තිබුණු නිසා තමා ඔබට දකින්න තිබෙන සියලුම ආයෝජනයන් මේ රටට ගෙනාවේ.
මේ ආණ්ඩුව ආවට පසු ආරම්භ කරලා තිබුණු සංවර්ධන වැඩ නතර කළා. එහෙම වුණාම අනෙක් ආයෝජකයොත් බලනවා ඒ අයටත් මෙහෙම වෙයි කියලා. ආයෝජකයා මොන රටේද කියන එක නෙවේ වැදගත් වෙන්නේ. ඔහු ආයෝජකයෙක් කියන එකයි වැදගත් වෙන්නේ. ආණ්ඩුවක් මාරු වුණු පමණින්ම දේශපාලනික හේතුන් නිසා කරගෙන යන ව්‍යාපෘති නතර කරනවා නම් කිසි දවසක ආයෝජකයෙක් මේ රටට එන්නේ නෑ.
එදා විරුද්ධ පක්‍ෂයේ අය අපට චෝදනා කරා මිග් ගනුදෙනුව ගැන. නමුත් මේ මිග් ගනුදෙනුව තමා අපේ හමුදා ඉතිහාසයේ විනිවිදභාවය ඉතා ඉහළින්ම පැවැති ගනුදෙනුව කියන එක මම බය නැතිව කියනවා. ඒ අවස්ථාවේදී ප්‍රහාරක ගුවන් යානා ඕනේ කියලා කිව්වේ ගුවන් හමුදාව. මේ අවශ්‍යතාව ගුවන් හමුදාව ඊට පෙර තිබුණු එ.ජා.ප. ආණ්ඩුවටත් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඔවුන් අසාර්ථක සාම සාකච්ඡාවල යෙදී සිටිය නිසා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවට පසු ගුවන් හමුදාව එම යෝජනාවම ඉදිරිපත් කළා. අපි ඒ යෝජනාව සලකා බලද්දී අපිට වැටහී ගියා මේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා මේ ප්‍රහාරක ගුවන් යානා ලබාදිය යුතුයි කියලා. මොන වර්ගයේ ගුවන් යානාද අවශ්‍ය කියන එක තේරුවෙත් ගුවන් හමුදාව. ගුවන් යානාවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සිදු කෙරුණෙත් ගුවන් හමුදාව ප්‍රමුඛ මණ්ඩලයක් මඟින්. මිල තීරණය කිරීම සඳහාත් වෙනම කමිටුවක් තිබුණා. මිල ගණන් ලැබුණට පසු සාකච්ඡා කර එම මිල ගණන් අඩු කිරීමට හැකියාවක් තිබෙනවාද යන්න සොයා බැලීමටත් වෙනමම කමිටුවක් පත් කළා. මේ වගේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ක්‍රමවත්ව විනිවිද භාවයකින් යුතුවයි එම ගුවන් යානා මිලදී ගත්තේ. මේ විදියට තමා අපි සෑම ආයුධයක්ම ගත්තේ. මෙවැනි විනිවිදභාවයක් රටක් තුළ ආයෝජකයෝ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආණ්ඩුවක් තෝරා ගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි. මෙවැනි ආණ්ඩුවක් තුළ තමා මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙන්නේ.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
අපේ රට පවතින්නේ ඉතාමත්ම භයානක අඩියකයි. ඒ සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද? නොකරන්නේ කුමක්ද? කියා හාමුදුරුවන් වශයෙන් අපට වගකීමක් තියෙනවා. රට හදන මිනිහෙක් රටට ඕනෑ. අනාගත රට කරවන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වගකීමක් තියෙනවා. රට බේරා ගෙන රට හදන එක ඒ වගකීමයි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ,
නුදුරේදී රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් බවට ජනතාව විශ්වාස කරන නායකයා ආදරයෙන් පිළිගන්නවා. තවත් දින 288කින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදය සමඟ රට නියම තැනට ගෙන යමු.
ජනතාව ඉල්ලන්නේ ඔබතුමාව. ඒ ෙදාරඟුලු කොහොම ඇරගන්න පුළුවන් වේවි ද කියලා මම දන්නේ නෑ. හැබැයි ඒ ෙදාරඟුලු ඇර ගන්න අපිට දෙන්න පුළුවන් ඕනෑම පාපහරක්, ඕනෑම කුළුගෙඩි පහරක්, ඕනෑම මුෂ්ටි පහරක් දෙන්න අපි සූදානම් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.
රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන,
විධායක ජනපති ක්‍රමය අහෝසි කර පළාත් සභා තිබීම භයානකයි. අගමැතිකමටම ගැළපෙන ව්‍යවස්ථාවක් හදන විශේෂඥ කමිටුවේ අයත් කොකේන් ගහලාද දන්නේ නැහැ. ඒ අතරේ කරු ජයසූරියගේ රෙද්ද බැනියමෙන් ජනතාවගේ ඔළුව වහන්න හදනවා.
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,
ප්‍රභාකරන්ට ත්‍රස්තවාදයෙන් ලබා ගන්න බැරි වූ දේ මේ ආණ්ඩුව බන්දේසියක තබා දෙනවා නම් රට පාවාදුන් ලැයිස්තුවේ අපේ නම් ලියන්න වෙනවා.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,
අද ආර්ථිකය ගැන අපි මොකවත් කියන්න අවශ්‍ය නැහැ. ආර්ථිකය කරවන අය කියන දේවල් විතරක් බැලුවාම ඇති. ආණ්ඩුවේ අය කියන කතාවලට අපි මොනවා කියන්නද. රට ඉවරටම ඉවරයි කියා ජනාධිපතිගේ මල්ලී කියනවා. මේ අගාධයෙන් රට ගොඩගන්න මහින්ද රාජපක්‍ෂ අව්‍යශ කමිටු පත් කර අවශ්‍ය පියවර ගන්නවා. අද දුම් ගියත් බදු. දුම් නොගියත් බදු. රජයට බදු ප්‍රතිපත්තියක් නැහැ. අයි.එම්.එෆ්. එක කියන විදියට බදු ගහගෙන ගහගෙන යනවා විතරයි. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයෙක් පත් කර ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්නට මම ලෑස්තියි.
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,
රටේ ගැටලු අවම කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. ජාතික ප්‍රතිපත්තියක් ඇතිව ආර්ථිකය ඉහළ තලයට ගෙන යෑම අවශ්‍යයයි. විනය, සංස්කෘතිය හා කාන්තාව රැක ගැනීම අපිට පැවරිලා. රට රාජාලියන් සමඟ පියාඹන්න සූදානම් වෙද්දී කපුටන් එක්ක රංචු ගැහෙන්න යන්න එපා.
MAUBIMA
0 Comments