Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ එළිදක්වයි

Author(s): 
ජයසිරි මුණසිංහ

ජනතා සුබසාධනයත්, පළාතේ දියුණුවත් දෙකම එකවර ළඟා කර ගන්නා ආකාරය පැහැදිලි කරන උතුරු පළාත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඊයේ (22) උදේ කොළඹ දී එළිදැක්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීම මත ස්වාධීන විද්වත් වෘත්තීයවේදින් පිරිසක් විසින් සම්පාදිත මේ වාර්තාව එළිදැක්වීම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ සිදු කැරිණි.

සමාජ සංවර්ධනය, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශවල නිෂ්පාදනය ඉහළ නැංවීම, ඒ සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ ඉතා කාලෝචිත ලෙස මේ වාර්තාවෙන් කරුණු එළි දක්වා තිබේ.

දශක තුනක යුද්ධයෙන් පසු බිඳ වැටුණු උතුර යළි නඟා සිටුවා සමස්ත රටේ ආර්ථිකයට වැඩියෙන් හා ශක්තිමත් දායකත්වයක් ලබාගෙන පළාතක් බවට පත් කර ගන්නා මඟ මෙයින් රටට ඉදිරිපත් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();