පසුගිය වසර 15 කට අධික කාලයක් තිස්සස් විවිධ පාර්ශව විවිධ ප්‍රමාණවලින් සමාජ ගත කිරීමට උත්සාහ
කළ කිරිපිටි ප්‍රශ්නය ට හදිසිසේම ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඊට සේතුව කිරි සගාවීන් විසින් තමාට
විකුණාගත සනාහැකි කිරි මහාභාණ්ඩාගාරය ඉදිරිපිට මහ පාසර් හැලීම සනාසේ. එසස්ම සේශීය කිරි
කර්මාන්තකරුවන් තම කර්මාන්ත වසා දමා සගාවියන්සගන් කිරි මිලදී ගැනීම නවතා දැමීම නිසා ද සනාසේ.
එසස් සනාසේනම් සසෞඛ්‍ය අමාතයවරයා විසින් මහජන සසෞඛ්‍යය සඳහා වන තම පරම යුතුකම ඉටුකිරීම
සඳහා ආනයනික කිරිපිටි සතාග වරාසයන් පිට කිරීමට සපර පරික්ෂා කිරීම සඳහා දැඩි තීන්ුවක් සගන
ක්‍රියා කිරීම නිසා කිරිපිටි සමාගම් විසින් කිරි පිටි ආනයනය කිරීම නතර කිරීම නිසාද සනාසේ. බු සහන
ලබා දී බාල කිරිපිටි අඩුමිලට ආනයනය කිරීමට ඉඩ ලබාදී තම රසේ කිරි කර්මාන්තය සහ කිරි සගාවියාසේ
ජීවන තත්ත්වය කඩා වැටීමට ඉඩ සලසන සලෝකසේ එකම රට ශ්‍රී ලංකාව වුවත් ඊට එසරහිව එවැනි ප්‍රතිචාර
දක්නට ලැසබන්සන් නැත. එසස් නම් පසුගිය දිනවල කිරිපිටි ප්‍රශ්නය සහවත් ‘කිරිපිටි සසල්ලම’ පිළිබඳ
මහජන සංවාදයක් ඇති කිරීමට සේතු වූසේ කුමක්ද? ඊට සේතු වූසේ ආණ්ඩුසේ නිසයෝජය අමාතයවරයකු
විසින් පාර්ලිසම්න්තුසේ දී සිු කළ ගරිල්ලා ප්‍රහාරයකි.
අභයන්තර සවළඳ කටයුතු වලට අදාල අමාතයාංශසේ නිසයෝජය අමාතය වූ බුේධික පතිරණ මහතා ගිනස්
වාර්තාවක් තබමින් ආණ්ඩු පක්ෂය නිසයෝජනය කරන අතර කිරිපිටි ආනයනය කරන බලවත් සමාගම්වලට
එසරහිව අවි ඔසවා ඇත. පසුව විෂයභාර හිටපු අමාතය විජිත් විජිතමුණි සසායිසා මහතා සහ විපක්ෂසේ
මන්ී විමල් වීරවංශ මහතා අමාතයවරයාසේ ගරිල්ලා ප්‍රහාරයට ආයුධ සපයමින් ඊට වටිනාකම ලබා ුනි.
එසස් පාර්ලිසම්න්තුසේ දී පළමු ගල ගැසීසමන් ුර්ලභ ක්‍රියාවලියට දායක වූ සියළු පාර්ශව වලට ජාතිසේ
ප්‍රණාමය හිමිවිය යුතුය. සලෝකසේ ඉතා බලවත් කිරිපිටි සමාගම්, විවිධ රටවල භාණ්ඩාගාර නිළධාරින් සහ
සේශපාලනඥයින් තම සාක්කුසේ දමා ගනිමින් එම රටවල මහජන සසෞඛ්‍යයට සහ ආර්ිකයට කරනු ලබන
විනාශය ගැන කතා කිරීමට ජනමාධය පවා බියක් දක්වති. ඊට සේතුව එම සමාගම් වල දැවැන්ත ප්‍රචාරක
අය වැය මගින් ජනමාධය ආයතන සහ මාධය කරුවන්ට අයුතු බලපෑම් කිරීමය. ශ්‍රී ලංකාව ගත්විට පිටරට
කිරිපිටි සමාගම් වලට වාර්ිකව රුපියල් මිලියන 10,00කට අධික බු සහන ලබාසදන අතර පාන් පිටි සමාගම්
වලට රුපියල් මිලියන 30,000 කට අධික බු සහන ලබා සදයි. රජයට සගවියයුතු එපමණ විශාල මුදලක් රජය
විසින් එම සමාගම් වල සාක්කුවට ආපසු දැමූ විට ඔවුනට මිලදී ගත සනාහැක්සක් සමාකාද?
කිරිපිටි ප්‍රශ්නය සහවත් කිරිපිටි සසල්ලසම් ගැඹුරු ගැන කතා කිරීම සඳහා දීර්ඝ පූර්විකාවක් අවශය වන්සන්
එම ප්‍රශ්නසේ බරපතළකම නිසාය. එනම් එම ප්‍රශ්නයට සමස්ත සමාජය සහ රසේ ආර්ිකය පමණක් සනාව
අනාගත පරම්පරාව ද සගාුරු වන බැවිනි. සමම ප්‍රශ්නසේ ප්‍රධාන පැතිකඩ 5ක් හඳුනාගතහැක. පළමුවැන්න
බුේධික පතිරණ අමාතයවරයා විසින් මතුකළ අහාර ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයි. සදවැන්න පවතින සමාජයට
පමණක් සනාව අනාගත පරම්පරාවලට ද බලපෑම් ඇති කරන ආහාර සුරක්ිතතාව අදාළ ප්‍රශ්නයයි. රටක
ආහාර සුරක්ිතතාවය එම රසේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව ප්‍රකට කරුණකි. තුන්වැන්න
සේශීය කිරි කර්මාන්තය විසින් රසේ ආර්ික ක්‍රියාවලියට ලබාසදන දායකත්වය අහිමි කිරීමට සහ විසේශ
විනිමය වැය කිරීමට අදාල ආර්ික සහ මූලය ප්‍රශ්නයයි. හතරවැන්න සගාවි ජනතාවසේ ජීවන තත්ත්වය
කඩාවැටීමට අදාළ සමාජ ආර්ික ප්‍රශ්නයයි. පස්වැන්න බු සහන කර්මාන්තය සහවත් රසේ බු වංචා වලට
අදාල ප්‍රශ්නයයි.
පළමු ප්‍රශ්නය සහවත් මහජන සසෞඛ්‍යයට අදාළ ප්‍රශ්නය පැන නගින්සන් විසේශීය සමාගම් විසින් තම ලාභය
වැඩි කර ගැනීම සදහා කිරිපිටි වල සංයුතිය සවනස් කිරීම නිසාය. ඒ සඳහා ක්‍රමසේද ත්‍රිත්වයක් අනුගමනය
සකසරයි. පළමුවැන්න ඉහළ සවළඳපල වටිනාකමක් සහිත කිරි සම්දය කිරි වලින් ඉවත් සකාට සගන අඩු
වටිනාකමක් සහිත ලාභ සහ බාල සතල් වර්ග කිරි වලට එකතු කිරීමය. උදාහරණයක් සලස කිරි වලින් ඉවත්
කරගන්නා කිරි සම්දය සහවත් බටර් කිසලෝග්‍රෑම් එකක වටිනාකම රුපියල් 850 ක් වන විට ෆාම් සතල්
කිසලෝග්‍රෑම් එකක මිල රුපියල් 150 කි. සලෝකසේ ආහාරයට ගන්නා සතල් වර්ග අතුරින් සසෞඛ්‍යයට ඉතාම
අහිතකර සතල් වර්ගය සලස සැලසකන්සන් ෆාම් සතල් ය. විසශ්ෂසයන්ම පිරිපහු සනාකළ පාම් සතල්වල
අඩංගු ‘නිදහස් සම්ද අම්ලය’ පිළිකාකාරකයක් සලස හඳුනාසගන ඇත. ඉරානය විසින් 2014 දී ෆාම් සතල්
භාවිතය තහනම් කරන්සන් එම සාක්ි පදනම් කරසගනය. මේබිම ලංකා පදනම විසින් සවළඳපසලන්
ලබාගත් ආනයනික කිරිපිටි සාම්පල එංගලන්තසේ රසායනාගාරයකට යවා ලබාගත් පරීක්ෂණ වාර්තා
අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම සම්දසයන් 30% දක්වා ෆාම් සතල් අඩංගු සේ.
ඒ බව අනාවරණය වූ විට ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප්‍රධානතම සමාගසම් විසේශීය විධායක
නිලධාරියා එම සමාගසම් සවබ් අඩවිසේ පළ කළ ප්‍රකාශයක් මගින් කිරි වලින් කිරි සම්දය ඉවත් සකාට ඒ
සවනුවට ෆාම් සතල් එකතු කිරීම සාධාරණීකරණය කසේය. ඔහුට අනුව එම සමාගම විසින් නැවත සකස්
කළ කිරි සහවත් ‘’සම්දය පුරවන ලද කිරි’’ සලස හඳුන්වන කිරිසම්දය ඉවත් සකාට ෆාම් සතල් එකතු කළ කිරි
නිපදවන්සන් තුන්වන සලෝකසේ රටවල් වල ුප්පත් පාරිසභෝගිකයින් සඳහා ය. ඔහුට අනුව සැබෑ ස්වාභාවික
කිරි සම්දය අඩංගු කිරිපිටි ශ්‍රී ලංකාව වැනි රටක පාරිසභෝගිකයාට මිලදී ගත සනාහැක. සමාසහාතකට එය
සතයක් යැයි පිළිගත්තද එසස් කිරි සම්දසේ සංයුතිය සවනස්සකාට ඇති බවට අදාල සවළද නාම විකිණීමට
සපර පාරිසභෝගිකයා දැනුවත් සනාකිරීම වරදකි. ඊට අමතරව ශ්‍රී ලංකාසේ ආහාර පනත අනුව ආනයනික
කිරිපිටි වල අඩංගු විය යුත්සත් කිරි සම්දය පමණි. ඒ අනුව සසෞඛ්‍ය අමාතයාංශසේ ආහාර බලධාරියා සහවත්
අධයක්ෂක ජනරාල්වරයා විසින් අදාළ නිසයෝග යටසත් සෑම කිරි සතාගයක්ම වරාසයන් නිදහස් කිරීමට සපර
ඒවාසග අඩංගු වන්සන් කිරි සම්දය පමණක් බවට මහජනයාට සහතිකයක් ලබා දිය යුතුය.
එම සහතිකය ආකාර සදකකට ලබා ගත යුතුය. පළමු ක්‍රමය අදාල ආනයනික සමාගම විසින් ආනයනය කළ
කිරිපිටි පිළිබඳ ජාතයන්තරව පිළිගත් පරීක්ෂණාගාරයකින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කිරීම සහ එම
කිරි පිටි වල කිරි සම්දය හැර සවනත් සතල් වර්ග අඩංගු සනාවන බවට ප්‍රකාශයක් ලබා දීමය. සදවැන්න
ආනයනික සතාග නිදහස් කිරීමට සපර අහඹු සාම්පල ලබාසගන පරික්ෂා කිරීමය. එම ක්‍රම සදකම භාවිතා
කළ යුතු වුවත් සම් වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වලට අදාලව එම ක්‍රම සදසකන් එකක් සහෝ
ක්‍රියාත්මක වන්සන් නැත. සසෞඛ්‍ය අමාතයාංශය එවැනි බරපතළ සහ වැදගත් වගකීමක් පැහැර හරින්සන්
කුමක් නිසාද? එම ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයකින්ම පිළිතුරු ලබාදිය හැක. සසෞඛ්‍ය අමාතයාංශසේ හිටපු
ආහාර බලධාරියාට කිරිපිටි ආනයනය කරන විසේශීය සමාගමක් විසින් මසකට ලක්ෂ 20 ක වැටුපක් සගවා
රක්ෂාවක් සපයන්සන් කුමක් නිසාද? අනාගතසේ දී එවැනි රක්ෂාවක් බලා බලාසපාසරාත්තු වන වර්තමාන
ආහාර බලධාරියකුසේ මනස සකසස් වැඩ කරනු ඇති ද? ඊට අමතරව ඉහත සදහන් කළ ආකාරයට කිරි
පිටි ආනයනය කරුවන්ට ලබා සදන රුපියල් මිලියන 10,000ක බු සහනසයන් රුපියල් මිලියන 24ක් යනු
කුමන කජ්ජක්ද ? යනුසවන් ප්‍රශ්න කළ හැක.
කිරිපිටි ප්‍රශ්නයට අදාළව නිදා වැසටමින් සිටින සසෞඛ්‍ය බලධාරීන් අවදි කිරීමට විවිධ පාර්ශව විසින් ගනුලැබූ
උත්සාහයන් එකක් සහෝ සාර්ථක සනාවන්සන් එවැනි තත්ත්වයක් තුළය. එහිදී ඔවුන් එක් සදයක් ප්‍රතයක්ෂ
කරනු ලැබීය. ඒ ‘සහාරට නිදා සිටින ඔවුන් අවදි කළ සනාහැක’ යන පැරැණි කියමන තවුරටත් තයයක් බව
ය. සකසස් සවතත් අවසානසේ දී පාරිසබෝගික අධිකාරිය එම ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්විය. ඒ අනුව එම
අධිකාරිය විසින් වරාසයන් කිරිපිටි නිදහස් කිරීමට සපර පරීක්ෂණ වාර්තා ලබා සදන සලස අදාළ ආනයනික
සමාගම් වලට නිසයෝග කරනු ලැබීය .ඒ සඳහා එම ආයතන විසින් මුදල් සගවීමට ද කටයුතු කළ මුත් අදාළ
රසායනාගාරසේ දී එම පරීක්ෂණ සිු කළ සනාහැකි බව පවසා එම මුදල් ආපසු සගවන ලද බව ද වාර්තා
විය. ඒ තුලින් එක් සදයක් පැහැදිලි සේ. එම පරීක්ෂණ ආයතන බලවත් කිරිපිටි සමාගම් වලට බියක් දැක්
වුවත් ඔවුන් වැරදි වාර්තා ලබා දීමට ඊට වඩා බියක් දක්වන බවය. එය සතුටට කාරණයකි. සකසස් සවතත්
සතාරතුරු දැනගැනීසම් පනත යටසත් පාරිසභෝගික අධිකාරිසයන් කරනු ලැබූ ඉල්ලීම් අනුව ඔවුන් සතුව සහෝ
සසෞඛ්‍ය අමාතයාංශය සතුව කිසිු පරීක්ෂණ වාර්තාවක් සනාමැති බව නිල වශසයන් දැන ගැනීමට ලැබුණි.
ෆාම් සතල් සහෝ සවනත් සත්ව සතල් අඩංගු කිරිපිටි ශ්‍රි ලංකාවට ආනයනය කිරීසම් ගැටළුවට අමතරව ශ්‍රී
ලංකාව තුළ සම්පූර්ණසයන්ම කෘතීම කිරි නිපදවීම ද සිු සකසරන බව රහසක් සනාසේ. එම කෘතීම කිරි
ස්වභාවික කිරි සමඟ මිශ්‍ර සකාට විවිධ කිරි ආශ්‍රිත ආහාර නිපදවීම සඳහා සයාදා ගන්නා බව වාර්තාසේ. ශ්‍රී
ලංකාසේ පමණක් සනාව ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන රටවල් ද කෘතිම කිරි නිපදවන බව එම
රටවලට මහා පරිමාණසයන් පාම් සතල් සහ ලැක්සටෝස් ආනයනය කරන්සන් කුමක් නිසා දැයි සසායා බැලීසම්
දී පැහැදිලි සේ. කිරි නිපදවීම සඳහා ෆාම් සතල්, ලැක්සටෝස්, තතසලෝද කාරක සහ ජලය භාවිතා සේ. ශ්‍රී
ලංකාසේදී පිටසකාටුසේ යම් සවළඳ සැල් වලින් කෘතීම කිරි සඳහා අවශය සියලු සංඝටක සහ වේසටෝරු
මිලදීගත හැකි බව රහසක් සනාසේ. එසස් කෘතිම කිරි නිපදවීම සඳහා තතසලෝද කාරක සලස ෂැම්පු වර්ග
භාවිත වන බවට ද සාක්ි ඇත.
ඊට අමතරව මීට වසර කීපයකට සපර සමලමයින් නම් වූ ප්ලාස්ටික් වර්ග නිපදවන රසායනික ද්‍රවයයක් කිරි
පිටි වලට එකතු කරන බවට ආන්සදෝලනයක් ඇති විය. චීනසේදී එම වරදට යම් පිරිසකට මරණ දඬුවම හිමි
විය. නමුත් ශ්‍රී ලංකාසේ දී ප්‍රශ්නය ක්‍රමසයන් යටපත් විය. එසහත් කිරිවලට සමලමයින් එකතු කරන්සන් ෆාම්
සතල් එකතු කිරීමට සමාන උවමනාවක් නිසා ය. කිරි වලින් ඉවත් කරගන්නා කිරි සප්‍රෝටීන් කිසලෝ ග්‍රෑම් 1ක්
රුපියල් 10,000ක් පමණ වටිනාකමක් සහිත සේ. කිරි සප්‍රෝටීන වල එක් ඇමයිසනෝ අම්ලයක නයිට්‍රජන් අනු
ඇත්සත් 1ක් පමණි. නමුත් සමලමයින් අනුවක නයිට්‍රජන් අනු 7ක් ඇත. ඒ අනුව කිරි වලින් ඇමයිසනෝ අම්ල 7
ඉවත් කරසගන සමලමයින් අනු 1ක් එකතු කළ විට ලාභය සකාපමණකින් වැඩිසවයිද? එසස් විස රසායන
සයාදා නයිට්‍රජන් සංයුතිය සවනස් කරන්සන් නීතියට අනුව කිරි වල සප්‍රෝටීන් ප්‍රමාණය මනිනු ලබන්සන්
නයිට්‍රජන් අනු ප්‍රමාණය මත නිසාය. සම් සියලු කරුණු අනුව නිසයෝජය අමාතය බුේධික පතිරණ මහතා තම
අමාතය ධූරය පවා අනතුරට ලක් කර ගනිමින් ඉදිරිපත් කළ මහජන සසෞඛ්‍යයට අදාළ ප්‍රශ්නසේ
බරපතළකම පැහැදිලි සේ.
කිරි සමග බැඳුණු සදවන ප්‍රශ්නය සහවත් ආහාර සුරක්ිතතාවයට අදාළ ප්‍රශ්නය ගත්විට එය ජාතිසේ
අනාගත ඉරණම සමඟ බැඳී පවතින බව පැහැදිලිසේ. ඒ අනුව එය අහාර ආරක්ෂාව තරමටම සහෝ ඊටත්
වඩා බරපතළ ප්‍රශ්නයක් බවට විවාදයක් නැත. ආහාර සුරක්ිතතාවය රැකීම සහවත් බාහිර යැපීමක්
සනාමැතිව රසේ ජනතාවසේ මූලික ආහාර අවශයතාවය සැපිරීම සඳහා කාරණා ත්‍රිත්වයක් වැදගත්සේ.
පළමුවැන්න, භූමිසේ සීමාකම් වලට යටත්ව සේශීය ආහාර නිෂ්පාදන සතාගය වැඩි කිරීමය. සදවැන්න
පාරිසරික සාධක වලට අනුව ආහාර නිෂ්පාදනසේදී ආහාර වර්ග සහ ප්‍රසේධ විවිධත්වය වැඩි කිරීමය. මූලික
ආහාර අවශයතාවය සඳහා එක් සබෝගයක් මත යැසපන ජාතියක ආහාර සුරක්ිතතාවය ඉතා බරපතළ
සලස අනතුරට ලක්විය හැක. 1850 දී අයර්ලන්ත වැසියන් ලක්ෂ 10ක් අර්තාපල් සාගතය නිසා මිය යන්සන්
ඔවුන් ආහාර සඳහා එක් අර්තාපල් ප්‍රසේදයක් මත යැපීම නිසා ය. තුන්වැන්න ආහාර පරිසභෝජනසේදී
විවිධත්වය වැඩි කිරීමය.
ඒ ආකාරයට ආහාර සුරක්ිතතාවයයට අදාළව සලකන විට කිරි ආහාර වලට විසශ්ෂ තැනක් හිමිසේ.
තජව රසායනික විදයාවට අනුව පමණක් මිනිසාසේ සපෝෂණය විග්‍රහ කරන යම් විේවතුන් කිරි වල
සපෝෂණමය වැදගත්කමක් සනාමැති බවට ද මත පළ කරති. නමුත් මිනිසුන් තජව රසායනික සපෝෂක වර්ග
ඖෂධ සමන් ගිල දමන්සන් නැත. ඔවුන් තමන්ට අවශය සපෝෂක ලබා ගත්සන් ආහාර මඟිනි. සෑම සපෝෂක
වර්ගයක්ම ශරීරයට ලැසබන බව සහතික වන්සන් ආහාරසේ විවිධත්වය මතය. ඒ අනුව ආහාරසේ
විවිධත්වයට සාසප්ක්ෂව ආහාර සුරක්ිතාව ආරක්ෂා කිරීසම්දී කිරි වලට වැදගත් තැනක් හිමිසේ. ඇත්ත
වශසයන්ම ඓතිහාසිකව ශ්‍රී ලාංකිකයා කිරි සබාන ජාතියකට වඩා කිරි කන ජාතියක් සලස හඳුනා ගැනීම
වඩා නිවැරදි සේ. සකසස් සවතත් ආහාර සුරක්ිතතාවයට අදාළව කිරි වැදගත් වන්සන් කරුණු සදකක්
මතය. පළමුසවන්ම මිනිසාට ආහාරයට ගත සනාහැකි තණසකාළ සහෝ කෘි අපද්‍රවය හරකා නැමැති මැිමට
කවා ආහාරයට ගත හැකි කිරි නිපදවීම මඟින් රසේ ආහාර සතාගය වැඩිසේ. ඊට අමතරව සබෝග වගාව
සමග කිරි සගාවිතැන ඒකාබේධ කිරීම මගින් භූමිසේ සීමා කම අතික්‍රමණය කරමින් ආහාර සතාගය සහ
විවිධත්වය යන සදකම වැඩි කිරීමට අවස්ථාව ලැසබ්.
එවැනි තත්වයක් තුළ පිටරට බාල කිරිපිටි ආනයනය සකාට බු සහන යටසත් සේශීය සවළඳසපාළට දැමීම
තුලින් සිුවන්සන් කුමක්ද? එමගින් සේශීය කිරි කර්මාන්තය කඩා වැටී රසේ ආහාර සුරක්ිතතාවය
අනතුරට ලක්වන බව ඉහත කරුණු අනුව කුඩා දරුසවකුට වුවද වැටසේ. නමුත් අප රසේ සේශපාලනඥයන්ට
සහ භාණ්ඩාගාර නිලධාරීන්ට ඒ බව වැටසහන්සන් ඉතා අඩුසවනි. නමුත් අප වැනි රටවලට කිරිපිටි
අපනයනය කරන රටවල නායකයින් එම කරුණු ඉතා සහාඳින් දැන සිටින බව සපසන්. ඔවුන් තම රටවල
නිපදවිය හැකි කිසිු ආහාරයක් නිදහසස් බු සහන යටසත් ආනයනය කිරීමට ඉඩ සදන්සන් නැත. ඔවුන්
කරන්සන් අප වැනි රටවල පාලකයින් කරන සේට ප්‍රතිවිරුේධ සදයයි. එනම් ආහාර ආනයනසේදී බු සහන
දීම සවනුවට විවිධ බු සහ බු සනාවන බාධක පැන්වීම ය.
කිරි ප්‍රශ්නයට අදාළ තුන්වන පැතිකඩ වන්සන් රසේ ආර්ිකයට සිුවන අනර්ථයයි. ඊට අදාළව කරුණු
තුනක් ඉතා වැදගත් සේ. පළමුවැන්න පිටිකිරි පිටරටින් ආනයනය කිරීම සඳහා රසේ විසේශ විනිමය විශාල
වශසයන් වැය වීම ය. එම ප්‍රමාණය ආසන්න වශසයන් ඇමරිකානු සඩාලර් මිලියන 400ක් පමණ සේ. රටට
අවශය කිරි ප්‍රමාණය රටතුළ නිපදවීසම් විභවය තිබියදී එම විසේශ විනමය රට තුළ ඉතිරි කර සනාගැනීම
යනු බරපතල ආර්ික උපායමාර්ගික වරදකි. සදවැන්න සේශීය කිරි සගාවියා අතට ලැසබන මුදල් ග්‍රාමීය
ආර්ිකයට ඇතුළු වීම මගින් එම ආර්ිකය උේදීපනය කිරීමට තිසබන අවස්ථාව කිරි පිටි ආනයනය නිසා
අහිමි වීමය. තුන්වැන්න සේශීය කිරි කර්මාන්තය මගින් උපත ලබන රැකියා අවස්ථා කිරිපිටි ආනයනය නිසා
රටට අහිමි වීමය. එක් වසරකදී කිරිපිටි ආනයනය සඳහා වැය කරන විසේශ විනමය ප්‍රමාණය රට තුළ
ආසයෝජනය කරන්සන් නම් කිරිපිටි කර්මාන්තශාලා 40ක් ඉදි කළ හැක. එක් දිනකට කිරි ලීටර් ලක්ෂ සදකක්
සකස් කළ හැකි මහා පරිමාණ කිරි කර්මාන්තශාලාවක් උදාහරණයක් සලස පැලවත්ත කිරි
කර්මාන්තශාලාව වැනි ආයතනයක් පිහිටුවීම සඳහා උපරිම වශසයන් වැය වන්සන් රුපියල් මිලියන 2000 ක්
පමණි.
ආනයනික කිරිපිටිවලින් ජනිත කරන හතර වැනි ප්‍රශ්නය සගාවියාසේ ජීවන තත්ත්වය කඩා වැටීමය. ශ්‍රී
ලංකාසේ ග්‍රාමීය ජනතාවසගන් 80% ක් පමණ සගාවිතැන මුල් කර ගත් ආර්ික ක්‍රියාකාරකම්වල සයදී සිටිති.
ඔවුන්සගන් 75%කට හිමි වන්සන් අක්කර 2කට අඩු වූ භූමි ප්‍රමාණයකි. භූමිසේ සීමා කම නිසා සබෝග වගාව
මඟින් ලබා ගන්නා ආදායම සීමාසහිත සේ. එම සීමාව අතික්‍රමණය කළ හැක්සක් සබෝග වගාව සමඟ කිරි
සගාවිතැන ඒකාබේධ කිරීම මගිනි. ඉන්දියාසේ ග්‍රාමීය ජනතාවසේ ආදායම් මේටම ඉහළ දැමීම සඳහා සයාදා
ගන්නා මූලික උපාය මාර්ගික ප්‍රසේශය වන්සන් කිරි සගාවිතැන ප්‍රවර්ධනය කිරීම ය. ඉන්දියාව සලෝකසේ
ප්‍රමුඛ්‍තම කිරි නිෂ්පාදකයා සහ පාරිසභෝගිකයා බවට පත්ව සිටින්සන් ඒ ආකාරයට සබෝග වගාව සමඟ කිරි
සගාවිතැන ඒකාබේධ කිරීසමනි. ඉන්දියාසේ එක් කිරි සදසනකුසගන් ලබාගන්නා සාමානය කිරි ප්‍රමාණය
ලීටර් 4 කි. එසහත් අප රසේ යම් සේශපාලකයින් සහ නිලධාරීන් සිතන්සන් කිරි ලීටර් 20-30 ලබාගත හැකි
සදනුන් පිටරටින් ආනයන සනාකර ශ්‍රී ලංකාසේ කිරි කර්මාන්තය දියුණු කළ සනාහැකි බවය. පසුගිය කාලසේ
දී රුපියල් මිලියන 12,000ක් වැය සකාට පිටරටින් කිරිසදනුන් ආනයනය කසේ ඒ වැරදි ප්‍රතිපත්තිය නිසාය. අද
වන විට ඒ සදනුන් මිලදී ගත් සගාවීන් අසරණ තත්ත්වයට පත්ව ඇත. එම සතුන්සගන් විශාල ප්‍රමාණයක්
සරෝගී වීම සහෝ මිය යෑම නිසා අසප්ක්ිත ආදායම ලබා ගැනීමට සගාවීන් අසමත් වී ඇත. එමගින් රජසේ
අරමුදල් විනාශ කරනවාට අමතරව කිරි සගාවියාට කිරි සගාවිතැන එපා කරවීම ද සිුවී ඇත. ඒ අනුව එම
උපාය මාර්ගය විසේශීය කිරිපිටි සමාගම් විසින් සතෝරා ුන් එකක් දැයි ප්‍රශ්න කිරීමට සිුසේ.
ශ්‍රී ලංකාවට ආසේණික සහ සුුසු කිරි සදනුන් අභිජනනය කිරීසම් මහා පරිමාණ ජාතික වයාපෘතියක් සඳහා
වැය වන්සන් එසස් විනාශ කළ මුදලින් අඩක් සහවත් රුපියල් මිලියන 6000ක් පමණ බව විේවතුන්සේ මතයයි.
එදා බණ්ඩාරනායක මැතිනියසේ සමසේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවා රසේ සහාඳම
සපාල් ඉඩම් එම් ආයතනයට ලබා ුන්සන් එම ජාතික යුතුකම ඉටුකිරීම සඳහාය. නමුත් අද වන විට එම
ආයතනය පිටරටින් ආනයනය කරන සදනුන් තාවකාලිකව බලාගන්නා සහ සපාල් ටික කඩාසගන ජීවත්
වන ුප්පත් ආයතනයක් බවට පත්වී ඇත. සේශීය කිරි කර්මාන්තයය ට විනකරන පස්වන ගැටලුව වන්සන්
රාජය නිලධාරීන් සහ සේශපාලනඥයින් එක්ව පවත්වාසගන යන බු සහන කර්මාන්තයයි. යම් කිසිසවකු
වැේ බු සහෝ තීරු බු වංචා කළ සහාත් සිරගත වීමට සිු සේ. නමුත් ප්‍රතිපත්තිමය තීන්ුවක් මත යම්
සමාගමක් විසින් බහුලව ආනයනය කරන ආහාර සහෝ සවනත් ද්‍රවය වලට බු සහන ලබා දී එම බු
සහනසයන් සකාටසක් සකාමිස් සලස ලබා ගැනීම එවැනි වරදක් සලස සැලසකන්සන් නැත. එසස් ලබාසදන
බු සහන වලින් යම් සකාටසක් අදාළ තීන්ු තීරණ ගත් අයට ලැසබන බව රහසක් සනාසේ. ඉතිරි මුදලින්
තවත් සකාටසක් ආක්‍රමණශීලී ප්‍රචාරණ කටයුතු සඳහා වැය සකසරන බව සබාසහෝවිට රහසකි. එහිදී එක්
පැත්තකින් සිල්ලර සවළුන්ට අමතරව සකාමිස් මුදල් ලබා සදමින් සේශීය කිරිපිටි වලට වඩා තරගකාරීව
ආනයනික කිරිපිටි විකිණීමට සපළඹවීමක් ඇති සකසර්. අසනක් පැත්සතන් සවසළඳ දැන්වීම් සඳහා අධික
මුදල් වැය කිරීම මගින් ආක්‍රමණශීලීව ප්‍රධාන මාධය වල දැන්වීම් කාලය අත්පත් කරගන්නා අතර ඒ මගින්
මාධයසේදීන්ට බලපෑම් කිරීම ද සිු සේ. සමහිදී ආහාර පනසත් බාධක වලින් රිංගා යාම සඳහා එම බු සහන
භාවිතා කරන බවද අදාල පනත ක්‍රියාත්මක සකසරන ආකාරසයන් පැහැදිලි සේ.
සකසස් සවතත් සේශීය කිරි කර්මාන්තයය විනාශ කරන ඒ පංචවිධි උපක්‍රම දියත් වන්සන් සේශීය කිරි
කර්මාන්තයය දියුණු කිරීසම් සල්බලය යටසත් ය. එක්තරා කාලයක කිරි ආර්ිකය දියුණු කිරීසම් උපාය
මාර්ගික සැලසුම් දියත් කිරීසම් උත්සව පැවැත්වුසණ් කිරිපිටි ආනයනය කරන සමාගම්වල අනුග්‍රහසයනි.
මහා සමාගම් විසින් ආනයනය කරන ෆාම් සතල් අඩංගු කිරිපිටි දියකර සයෝගේ නිපදවන මහා පරිමාණ
කර්මාන්ත ශාලා විවෘත කිරීමට යම් සේශපාලනඥයින් සහභාගී වූසේ සේශීය කිරි කර්මාන්තය නැංවීසම්
නාමසයනි. ඒ ුප්පත් ආර්ික උපාය මාර්ගික සැලසුම් නිසා අද වන විට කුඩා සහ මධය පරිමාණ කිරි ආශ්‍රිත
ආහාර නිෂ්පාදකයින් සවළඳසපාසළන් ඉවත් කිරීමට ඒ මහා සමාගම් සමත් වී ඇත. ඔවුන් සයෝගේ
නිපදවන්සන් ආනයනික කිරිපිටි දිය කිරීම මගින් සාදා ගන්නා දියර කිරි වලිනි. ඒ නිසා එම සමාගම් විසින්
සයෝගේ සෑදීම සඳහා සේශීය කිරි සගාවියාගන් කිරි මිලදී ගන්සන් නැත. යම් මහා සමාගම් විසින් සේශීය කිරි
සගාවායාසගන් නාමිකව ඉතා සුළු ප්‍රමාණයක් දියර කිරි මිලදී ගන්සන් සවනත් මිල අධික රස කළ කිරි වර්ග
සවළදසපාලට ඉදිරිපත් කිරීම සදහාය. එම සමාගම් විසින් ඉති සූක්ෂමව තහවුරු සකාට ඇති ප්‍රධාන
මතවාදයක් වන්සන් ශ්‍රී ලංකාසේ පිටි කිරි සහ දියඉර කිරි අවශයතාවය සේශීයව නිපදවිය සනාහැකි බවය.
පැලවත්ත සේශිය කිරි පිටි සමාගම පිහිටුවීසම්දී ඔවුන් ප්‍රශ්න කසේ දිනකට කිරි ලීටර් ලක්ෂ සදකක් එකතු
කරන්සන් සකසස්ද යනුසවනි. නමුත් කර්මාන්ත ශාලාව ආරම්භ සකාට ඉහළ මිළ කට විධිමත්ව කිරි එකතු
කිරීම ආරම්භ කළ විට උපරිම ධාරිතාවට සේශීය සගාවියාසගන් කිරි ලබා ගැනීසම් ගැටළුවක් මතු වූසේ නැත.
ශ්‍රී ලංකාසේ තිසබන මිලියන 1.5ක වර්තමාන කිරිගව පේටිය නිවැරදිව කළමණාකරනය කිරීම මගින්
පමණක් පවතින කිරි නිශ්පාදනය සදගුණයක් කළ හැකි බව කිරිපිටි සමාගම් වලට සස්වය සනාකරන
විේවතුන්සේ මතය සේ. ඔවුනට අනුව කිරි වලට ඉහළ මිලක් සහ ඕනෑම කිරි ප්‍රමාණයක් මිළදී ගන්නා බවට
සහතිකයක් ලබා දීම සදච්ශශීය කිරි කර්මාන්තය දියුනු කිරීම සදහා වන මූලික සහ ප්‍රධාන උපාය මාර්ගික
ප්‍රසේශයයි. පළමු වටසේ දී සේශීයව කිරි පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කිරීම අවශය වන්සන් ඒ නිසාය.
නමුත් සේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා කිරි පිටි ආනයනය කරන මහා සමාගම් විසින් ඉදිරිපත්
කරන තවත් ඊනියා උපායමාර්ගික ප්‍රසේශයක් වන්සන් සේශීය කිරිපිටි නිපදවීම සවනුවට හැකිතාක් දියර
කිරි ප්‍රචලිත කිරීමය. මතුපිටින් බලන විට එම උපසේශසේ කිසිු වරදක් නැත. කිරිපිටි සවනුවට දියර කිරි බීම
වැරැේදක් යැයි කිව හැක්සක් කාටද? නමුත් සමස්ත කිරි ආර්ිකය කළමනාකරණය කිරීසම් උපාය මාර්ගික
සත්රීම අනුව බලන විට දියර කිරි ප්‍රචලිත කිරීම මගින් කිරි සගාවියා විසින් නිපදවන කිරි සතාග සියල්ල මිලදී
ගත සනාහැක. සගාවියා නිපදවන කිරි සතාග සීමාවකින් සතාරව මිලදී ගැනීසම් යාන්රණයක් සනාමැති ව
කිරි නිෂ්පාදනය දිරි ගැන්විය සනාහැක. මිලදී ගැනීසම් ගැටලු මතු වූ විට කිරි සගාවියා අතධර්යමත් වීම නිසා
සගාවිතැන අත්හැරීමට සපළසේ. උදාහරණයක් සලස අප රසේ සවසළඳ සපාළ දත්ත අනුව පවතින තත්වය
යටසත්සත් දියර කිරි සලස සබදා හැරිය හැක්සක් සමස්ත කිරි නිශ්පාදනසයන් 15% ක් පමණි. ඒ නිසා අප
රට වැනි රටක් පළමුව කළ යුත්සත් කිරි නිෂ්පාදනය වැඩි කිරීසම් ප්‍රසේශයකට සමගාමීව ඕනෑම කිරි
ප්‍රමාණයක් මිලදී ගත්හැකි ආකාරයට කිරිපිටි කර්මාන්තශාලා පේධතියක් සගාඩනැගීම ය. ඒ මගින් විසේශීය
කිරිපිටි සවළදපල සම්පූර්ණසයන්ම අත්පත් කර ගැනීසමන් පසුව එනම් කිරිපිටි ආනයනය තවුරටත් අවශය
සනාවන තත්ත්වයක් නිර්මාණය කිරීසමන් පසුව කිරි පිටි සවනුවට දියර කිරි ප්‍රචලිත කිරීම ක්‍රමසයන් සිු කළ
යුතුය. එසස් යම් කාලයකයට පසුව කිරිපිටි කර්මාන්තශාලා වල ධාරිතාව අඩු කිරීමට සහෝ වසා දැමීමට
සිුසේ. ඒ පිළිබඳව සහාඳම උදාහරණ ඉන්දියාව විසින් සපයා ඇත.
ඉන්දියානු ආදර්ශයය සදස බලමින් ශ්‍රී ලංකාසේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අට වැදෑම්
උපායමාර්ගික ප්‍රසේශයක් සයෝජනා කළ හැක. පළමුවැන්න සේශීය කිරිපිටි නිෂ්පාදන පිරිවැය අනුව කිරිපිටි
සඳහා මිල සූරයක් හඳුන්වා දීමය. සදවැන්න එම මිළ සුරය අනුව ආනයනික කිරිපිටි අඩුමිලට ප්‍රතාපනය
කිරීම වැළැක්වීම සඳහා පාරිසභෝගික භාණ්ඩ විසශ්ෂ බු පනත යටසත් බු පැනවීමය. සතවැන්න එම සූරය
යටසත්ම ප්‍රචාරන වැය සීමා කිරීමය. හතරවැන්න ආහාර පනත විධිමත්ව ක්‍රියාත්මක කිරීම මගින් ෆාම් සතල්
සහෝ සත්ව අඩංගු සතල් අඩංගු බාල කිරිපිටි ආනයනය වැළැක්වීමය. පස්වැන්න එම පනත යටසත් ම
නීතිවිසරෝධී සහ ආක්‍රමණශීලී සවළද ප්‍රචාරණ දැන්වීම් සීමා කිරීමය. හයවැන්න කිරිපිටි ආනයනය සඳහා
බලපර ක්‍රමයක් සහ සකෝටා ක්‍රමයක් හඳුන්වා දීමය. හත්වැන්න පවතින මිල්සකෝ සහ පැලවත්ත කිරි කිරිපිටි
කර්මාන්තශාලා වලට අමතරව ක්‍රමසයන් නව කර්මාන්ත ශාලා 4ක් ස්ථාපිත කිරීම සඳහා සපෞේගලික
අංශය දිරිගැන්වීම සහ ඊට රජය මැදිහත් වීමය. අටවැන්න ඉහත සඳහන් කළ ආනයන බු සයාදවා ජාතික
කිරි සංවර්ධන අරමුදලක් සගාඩනැගීම සහ එම අරමුදල් අදාළ කර්මාන්ත සඳහා පමණක් සයදවීම සමන්ම
ඒ තුළ ජාතික කිරි ගව අභිජනන වැඩපිළිසවළක් සඳහා ප්‍රමුඛ්‍තාව ලබාදීම ය. ඊට වඩා සවනස් උපාය
මාර්ගික සැලසුමක් තිබිය හැකි නම් ඒ ඉහත සඳහන් කළ ආකාරයට කිරිපිටි ආනයනය කරන සමාගම්
විසින් සකස් කරන ලේදකි. සයෝජනා අසටන් එකක් සහෝ ඉවත් සකාට සමස්ත ප්‍රතිඵලය ලබාගත සනාහැකි
බව ඉන්දියානු ආදර්ශය විසින් ප්‍රතයක්ෂ සකාට ඇත.
තවදය සක්.
එම් වසන්ත බණ්ඩාර

0 Comments