දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේ දී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කරයි. එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

0 Comments