මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) පස්වරු 3:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් විසිනි.
වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ආ මංගල සමරවීර එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් ලංකා දේශපාලනයේ කැපිපෙනෙන චරිතයක් විය.
සමරවීර අමාත්‍යවරයාගේ මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් “ඛේමාගේ කොලුවා” නමින් සංවිධානය කොට ඇත.
The post මංගලට 30යි .”ඛේමාගේ කොලුවා” උත්සවය හෙට. appeared first on Lanka News Column.
0 Comments