Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සමඟ 03ක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගෙන වෙළෙදසැල්වලින් භාණ්ඩ මිලදීගත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ඊයේ(26) සවස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගැණුන අතර විවිධ බැංකුවලට අයත් වීසා කාඩ්පත් 13 ක් හා ජාතික හැදුනුම්පත් දෙකක් ද සොයාගෙන ඇතැයි සදහන් වේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44, 31 හා 36 වයස්වල පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
 
මෙම සැකකරුවන් හට අන් අයගේ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගෙන සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් මාරවිල, මහනුවර, මාතර, ගාල්ල, මතුගම, දඹුල්ල හා කුලියාපිටිය යන අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ. 
 
සැකකරුවන් අද(27) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();