Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගෙට වසන්තට කැබිනට් නොවන ඇමැති පදවි

ඉතා ඉක්මණින් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන් කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි.

මේ දෙදෙනාගේ නම් දැනටමත් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ. මේ හැර ලක්ෂ්මන් විජේමාන්න හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ට නියෝජ්‍ය ඇමැති පදවි හිමිවීමට ඉඩ ඇතැයි ද කියැවේ.

පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය පදවියක් අවශ්‍ය බව රංගේ බණ්ඩාර මහතා දිගින් දිගටම එ.ජා.ප.යෙන් ඉල්ලීම් කර තිබිණි. එහෙත් දැනට කැබිනට් අමාත්‍ය පදවි සියල්ල පුරවා ඇති නිසා මෙලෙස ඔහුට කැබිනට් නොවන ඇමැති පදවියක් ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();