Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා ඡන්දෙ නැත්නම් මහින්ද දේශප්‍රිය ඉල්ලා අස්වීමට සූදානම්

නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වුවහොත්,  තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
කොළඹ අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
 
දැනට පවතින නීතිමය තත්වය මත පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කර සම්මත කර ගැනීම කළ යුතු වේ. දැනට පවතින තත්වය මත රටේ ඕනෑම පුරවැසියෙකුට පළාත් සභා ඡන්දය නොපවත්වා තිබීමේ තත්වය මත මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ හැකි බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.
 
ඒ අනූව ඉදිරිපත් වෙන ඕනෑම පෙතසමක් සඳහා මැතිවරණ කොමිසමමේ සභාපති ලෙස ඉදිරිපත් වී කරුණු දැක්වීම සිදුකරන බව ද ඔහු අවධාරණය කරනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();