Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදට කඩාවැටුණු ලයන් එයාර් නියමු කුටියේ හඬ පටය හමුවෙයි

ජකාර්තාවට එපිට මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන් යානයේ නියමු කුටියේ  හඬ පටය හමු වූ බව ඉන්දුනීසියානු නිලධාරීන් පවසයි. 
 
පසුගිය ඔක්තෝබරයේ දී පන්ග්කල් පිනන්ග් නගරයෙන් ගුවන් ගත වී සුළු වේලාවකින් මෙසේ මුහුදට කඩා වැටුන  JT610 යානයේ ගමන් ගත් මගීන් 189 දෙනාම මරු මුවට පත් විය.
 
නාවික ලුතිනන් කර්නල් අගන්ග් නුග්‍රොහො විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ දින කිහිපයක් පුරා පටිගත කිරීම් යන්ත්‍රයෙන්  දුර්වල සංඥා නිකුත් වූ බවත් අනතුරුව එය මීටර් 30ක් පමණ ගැඹුරින් මීටර් 8ක් යට මඩෙහි යට වී තිබී හමු වූ බවයි. 
 
එහි පළදු වීම් රැසක් දක්නට ඇති බැවින් ඊට කොතරම් හානි සිදු වී ඇත් දැයි නොදන්නා බව ද ඔහු පැවසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();