රාමඤ්ඤ නිකායේ කතිකාවක් පනත ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට ඇති පනත් කෙටුම්පතක් මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති බව හෙළිදරව් කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නායක හිමිපාණන් එම පනත් කෙටුම්පත’ දුප්පත් වැඩක්’ ලෙස හැඳින්විය.
උන්වහන්සේ එසේ සඳහන් කළේ අද(27)රාජගිරි ජාතික සංධාන පොදු මධ්‍යස්ථානයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකට අමතමිනි.
පනත් කෙටුම්පත සම්මත වුවහොත් මහා සංඝ භේදයකට මගපාදන බවත් ඒ මගින් එම පනත සකස් කිරීමට දායකවූ සියලු දෙනා ආනන්තරිය පාපකර්මයකට ගොදුරු වන බවත් උන්වහන්සේ සඳහන් කළහ .
0 Comments