Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ රටේ නිල නොවන අගමැතිද? යුද අපරාධ වලට සිරගතව වීමට නියමිතව සිටි ඔවුන් බේරා ගත්තේ මහින්ද රාජපක්ෂයි – ජාතික සංවිධාන වලින් චෝදනා (Video)

විපක්ෂනායකධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම වරදක් බවට හේතු 7ක් සඳහන් කරමින් පා.ම සුමන්තිරන් මහතා විසින් කතානායක වරයාට යැවූ ලිපියක් හුවාදක්වමින් ‍වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සුමන්තිරන් විසින් ටී.එන්.ඒ පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට ලිපියක් කථානායකවරයාට, ජනාධිපතිවරයාට සහ අධිකරණයට ඉදිරිපත් කොට ඇති බැවින් එම පක්ෂ විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටීමට කිසිදු නීතිමය හෝ සදාචාරමය අයිතියක් නොමැති බව සඳහන් කළේය.

රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ සුමන්තිරන් මහතා දැන් මේ රටේ නිල නොවන අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක් නොව විපක්ෂ නායකවරයා ද පාලනය කිරීමට උත්සාහ දරන බවය.

2009 යුධ අපරාධකරුවන් ලෙස සිරගත වීමට නියමිතව සිටි සුමන්තිරන් සහ සම්බන්ධන් වැනි අය බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවටද ඔහු සඳහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();