Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රි – මහින්ද සමගියට වළ කැපීම දේශද්‍රෝහී ක්‍රියාවක් ‍- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය (video)

රට වැටී තිබෙන මහා අවුලෙන් ගොඩ ඒමට හැකි වන්නේ මැතිවරණයකින් බල බලසම්පන්න ජාතිකවාදී ආණ්ඩුවක් බිහි පිහිටුවහොත් පමණක් බවත් ඒ සඳහා මෛත්‍රි මහින්ද සමගිය තීරණාත්මක සාධකයක් වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසයි.

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේ ය.

මේ මොහොතේ මෛත්‍රී – මහින්ද සමගියට බාධාවක් ලෙස හැසිරෙන පිරිස් ඉටුකරන්නේ බෙදුම්වාදී බටහිර බලවේගවල උවමනාව බව ද ඒ මහතා චෝදනා කළේය. මෛත්‍රි මහින්ද සමගිය රැකීම සඳහා ජාතිකවාදී, දේශහිතෛශී, බෙදුම්වාද විරෝධී, ජාතිවාදී විරෝධී, සියලු බලවේග පෙරට පැමිණිය යුතු බවට ඒ මහතා මහජනයාට ආරාධනා කරයි.

මෛත්‍රි මහින්ද සමගිය තුළින් බිහිවන ජාතිකවාදී මහා බලවේගයට 56 බලවේගයට මෙන් මහා සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ හැකි බවත් ජාතිවාදී බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය යට කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහුගේ මතයට පක්ෂ අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටින බවට lanka lead නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කළේ මහජනයා හරි වැරදි හොඳින් තේරුම් ගනු ඇති බවයි.

එම නිසා ඔහුගේ මතයට පක්ෂ සහ විපක්ෂ හඬ පට දෙකක් ද මෙසේ ඉදිරිපත් කෙරේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();