නඩු තීන්දුව අද හෝ හෙට?
ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද (12 වැනිදා) හෝ හෙට (13 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අය විශ්වාසය පළ කරති.
මෙම තීන්දුව සරල වූවක් නොවන නිසා ඒ පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනයක් කර ඒ ඒ කාරණා පිළිබඳ කරුණු දැක්විය යුතුව ඇතැයි හිටපු අධිකරණ ලේකම්වරයකු වූ නිහාල් ජයවික්‍රම මහතා ජාතික පුවත්පතකට පවසා තිබේ.
කෙසේ වෙතත් සිකුරාදා (14දා) සිට වාර අවසාන නිවාඩුව ආරම්භ වන බැවින් මෙම තීන්දුව අද (12දා) හෝ හෙට (13දා) ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද නමුත් කාලය අවශ්‍ය නම් ඊළඟ සතිය දක්වා පමා වීමට බැරි කමක් නැතැයිද ඒ මහතා සදහන් කර ඇත.
මව්බිම
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments