පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයීමට ලක් කෙරෙන වසරේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ 41 වැනි අදියරේ දෙවැනි සතියේදිත් ඡන්ද 1679ක් ලබා ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හඹා යන ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්විය.
මෙරට පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් ඇගැයීමට ලක් කරමින් මීට දශක 4කට පෙර ආරම්භ කළ මේ පළමු සම්මාන උළෙලේ 41 වැනි අදියර ලබන වසරේ මැද භාගයේදී පැවැත්වෙයි.
පසුගියදා දියත් කරන ලද 41 වැනි සම්මාන උළෙලට අඛණ්ඩව 11 වැනි වරටත් අනුග්‍රාහකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම ජාතික කර්ත්යවයකට උරදී සිටී.
ජාතික පාසල් ක්‍රිකට් පිටියේ අනාගත තරුව බවට පත්වනු ඇතැයි අනාවැකි පළවී ඇති 16 හැවිරිදි සුඛිත මනෝජ් පසුගියදා නිමාවට පත්වූ අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ අතර මෙවර සාන්ත සෙබස්තියන් විදුහල් පළමුපෙළ කණ්ඩායමට පළමුවරට එක්වී සිටී.
සුඛිතගේ විස්මිත දස්කම්වලින් ජයග්‍රාහී මාවත විවර කරගත් සාන්ත සෙබස්තියන් විදුහල් පිල මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිතවය. එහෙත් අවසන් තරගයේදී මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල හමුවේ පරාජයට පත්ව අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවිය. එම තරගාවලියේ දී ශතක 3ක් සමග ලකුණු 714ක් රැස් කරමින් විශිෂ්ට දස්කම් පෑ සුඛිත වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩකයෙකි.
පසුගිය වසරේදී අවුරුදු 15න් පහළ ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කොළඹ දකුණ පිට පළාත් කණ්ඩායමේ නායකත්වය දැරූ හෙතෙම අනුශූරතාව දක්වා කණ්ඩායම රැගෙන ගියේ හොඳම පිතිකරු සම්මානයත් දිනා ගනිමිනි.
41 වැනි ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ජනප්‍රියතම ක්‍රීඩකයා සම්මානය හඹා යන ක්‍රීඩකයන් අතර සුඛිතට පසුපසින් ඡන්ද 1526ක් ලබා බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක රැඳී සිටින අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලේ කළණ පෙරේරා ඡන්ද 1401ක් ලබා තුන්වැනි තැන සිටී. එම ලැයිස්තුවේ සිවුවැනි තැන නාලන්දා විදුහලේ එම්.ඒ.ලක්ෂිත (ඡන්ද 1386) රැඳී සිටින අතර ත්‍රිත්ව විදුහලේ අභිෂේක් ආනන්ද පස්වැනි තැන (ඡන්ද 1140) පසුවෙයි.
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් සම්මාන පිරිනැමීමේ පුරෝගාමින් බවට පත්වෙමින් ඔබ්සර්වර් සහ මොබිටෙල් සමාගම ඉතිහාසයට එක්වී සිටින අතර ලබන වසරේ පැවැත්වෙන 41 වැනි සම්මාන උළෙලේ සිට පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මාන අතර කැපී පෙනෙන සම්මානය බවට පත්වී ඇති වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය හඹා යන ක්‍රීඩිකාවන් අතර පෙරමුණ ගැනීමට නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි හිරාෂා සමත්වූවාය. දෙවැනි සතිය අවසානයේදී ඇය ඡන්ද 323ක් ලබා පෙරමුණේ පසුවන අතර රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 186ක් ලබා දෙවැනි තැන පසුවන්නීය.
මේ සම්මානය සඳහා සළකා බැලෙන ලේක්හවුස් පුවත්පත්වල පළවන කූපන් පුරවා යවමින් සම්මාන උළෙලට දායකත්වය ලබාදෙන පාඨකයන් අතරින් දෙවැනි සතියේ ජයග්‍රාහකයා බවට පත්ව මොබිටෙල් 4G රවුටරයක් දිනාගනු ලැබුවේ නාරහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එම්.ඒ.එන්. කුමාන් මහතා විසිනි. මීට අමතරව මොරටුව උස්වත්ත පාරේ අංක 35/4 ලිපිනයෙහි සුමිත් ප්‍රසන්න මහතා රුපියල් 2,500ක පළමු මුදල් ත්‍යාගයට හිමිකම් කී අතර කොළඹ 5, රේල්වේ මාවතේ අංක 111 ලිපිනයෙහි මොහොමඩ් මවුජූඩ් මහතා රුපියල් 1,500ක දෙවැනි මුදල් ත්‍යාගය දිනාගත්තේය. රුපියල් දහසක තුන්වැනි මුදල් ත්‍යාගය දිනාගනු ලැබුවේ වැලිවේරිය, දකුණු අඹරළුව, ගුණවර්ධන මාවතේ, අංක 490/2 ස්ථානයේ දුමින්ද රෂ්මික විසිනි.
ෆවුස් මොහොමඩ්
0 Comments