එක්සත් ජාතික පෙරමුණ එළඹෙන අප්‍රේල් මස මහමැතිවරණයකට සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (25) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය.
දැනටමත් තමන් මෙම යෝජනාව පක්‍ෂ නායකත්වයටත් නායකත්ව මණ්ඩලයටත් දන්වා තිබෙන බවද ඔහු සදහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉක්මන් මැතිවරණයක් කැදවීම පක්‍ෂයට මේ මොහොතේ වාසිදායක යයි නායකත්වයට දන්වා ඇති බව ද වාර්තා වේ.

0 Comments