වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදි ජමාල් කශහෝගිගේ සිරුර කැබලිවලට කපා ඇත්තේ සෞදි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන වෝහාරික වෛද්‍ය සලා ටුබායිහි බව ඇමරිකානු සී.එන්.එන්. රූපවාහිනිය හෙළිකර ඇත.
මේ සඳහා ඇටකටු කපන කියතක් භාවිත කර ඇත. මෙම බිහිසුණු අපරාධය කළ වෝහාරික වෛද්‍යවරයාගේ කටහඬ පටිගත වී ඇති බව සී.එන්.එන්. රූපවාහිනිය කියා සිටියි. ඔහු තමා සමග සිටි ඝාතක කණ්ඩායමට පවසා ඇත්තේ කෂහෝගි කෑගසන විට කන්වල ඉයර්ෆෝන් පැලඳ ගන්නා ලෙසයි.
එසේම කෂහෝගි “මට හුස්ම ගන්න අමාරුයි” යනුවෙන් කෑගසන හඬ පටිගත වූ ටේප් පටිවල ඇති බව සී.එන්.එන්. රූපවාහිනිය කියා සිටියේය.
ඝාතනයට ලක්වූ කෂහෝගිගේ සිරුර මෙතෙක් හමුවී නැති අතර සිරුරු කොටස් ඇසිඩ් බඳුන්වල දමා විනාශ කර ඇති බව අනාවරණය වී තිබේ.
මේ අතර ඇමරිකානු මාධ්‍ය පැවසුවේ සෞදි අරාබියාවේ ඔටුන්න හිමි කුමරා භයානක පුද්ගලයෙක් බවයි.
0 Comments