Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද අගමැති ධූරය දැරීමට එරෙහිව තහනම් නියෝගය දුන් පෙත්සම් විභාගය අද

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය දැරීම සහ තවත් 49 දෙනෙකුට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමතිවරු එම ධූර වල කටයුතු කිරීම අත් හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් මස 3 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර විසින් අවසර ලබා දුන් අතර පෙත්සම සම්බන්ධයෙන් අද අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වගඋත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කළේය.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසිනි.

අගමැතිධුරය සහ ඇමති මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();