Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමතිකම් දිය යුතු තවත් පිරිසකගේ නම් ලැයිස්තුවක් එළියට

වත්මන් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ට වඩා වැඩි විය යුතු බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නැවත අවධාරණය කරයි.

මේ වනවිට අමාත්‍ය ධුරයක් ලැබී නොමැති එහෙත් අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු යැයි ඔහු විසින් යෝජනා කරන මන්ත‍්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරමිනි.

ඊයේ (26) රාත‍්‍රියේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මේ රටේ ලොකුම කැබිනට් එක තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙනේ. 58 දෙනෙක්. අපි කියන්නේ මේ ආණ්ඩුව කරන්න ඉඩ දෙන්න..මේ ආණ්ඩුව කරන්න තහංචි දාන්න එපා. ඇමති මණ්ඩලය 35කට 36කට ගියාට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය තනි බලයක් තිබ්බා නම් 30 දෙනා තමයි. නමුත් පක්ෂ එකතු කරනකොට අපිට අමාරුයි ඒ සීමාවේ ඉන්න. රවීන්ද්‍ර සමරවීර, සරත් ෆොන්සේකා, වසන්ත සේනානායක, රංගේ බණ්ඩාර, ෆවුසි මැතිතුමා…පියසේන ගමගේ.. මේ අයට ඇමතිකම් දෙන්න අවශ්‍යයි.” යනුවෙන්සදහන් කර ඇත.

ජනාධිපතිවරයා ද කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හොබවන බවද සදහන් කර ඇත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();