Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙක්සිකෝවේ පළමු ආණ්ඩුකාරවරිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට

මේ මස මුලදී දිවුරුම් දුන් මෙක්සිකෝවේ ආණ්ඩුකාරවරියක සහ සෙනෙට් සභිකයකු වන ඔහුගේ ස්වාමි පුරුෂයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක් වීමෙන් මිය ගිය බව වාර්තා වේ. 
 
මෙසේ මිය ගොස් ඇත්තේ පියුබ්ලා ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සො සහ සෙනෙට් සභික රෆායල් මොරෙනො වෙල් ය. 
 
ඔවුන් රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් ගත කර කෙටි වේලාවකින් අනතුරට ලක් ව ඇති අතර එහි ගමන්ගත් නියමුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු ද එයින් මිය ගොස් ඇත. 
 
මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර වැඩි දුර විමර්ෂණ සිදු කෙරෙන බව එරට පොලීසිය පවසයි. 
 
45 හැවිරිදි අලොන්සො පසුගිය 14 වැනිදා එරට පළමු ආණ්ඩුකාරවරිය ලෙස දිව්රුම් දී තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();