Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තමා අධිකරණ තීන්දුව කලින්ම දැනසිටි බව එස්.බී. දිසානායක කියයි

Image result for sb dissanayake

අද දින මාධ්‍ය හමුවකදී අදහස් පළකළ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශයකට අනුව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර එම තීන්දුව පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැන සිටි බව තහවුරුවේ. 

ඔහු විසින් ප්‍රකාශ කළ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රභලයින් පිරිසක් විසින් අධිකරණ තීන්දුව හතට බින්දුව ලෙස ඔවුන්ට වාසි දායක වන බව සදහන් කොට ඇත. ඔවුන් එම ප්‍රකාශය සිදුකොට ඇතේතේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට බොහෝ වේලාවකට පෙරය.

ඒ අතර බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ප්‍රසිද්ධ ජංගම දුරකථන ආයතනයකදී අධිකරණ තීන්දුව කුමක්වනු ඇත්දැයි අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර ප්‍රකාශ කළ බව ලංකා ලීඩ් නිවුස් වෙත දැනගැනීමට ලැබුණි. 

ඔහු විසින් සදහන් කොට ඇත්තේද එස්.බී. දිසානායක මහතා සදහන් කරන ආකාරයට විනිසුරුවරුන් සත් දෙනාම ජනාධිපතිතුමාගේ තීන්දුවට විරුද්ධව තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත්කරන බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();