Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති මෛත්‍රීපාල අධිකරණයත් නමන සැලැසුමකට.

Chthirika-Sirisena-and-Maithripala-Sirisena-

පසුගිය දිනවල අධිකරණ ක්ෂේත්‍රයේ කතා බහට ලක්වූ මුළු ලෝකයම බලා සිටි ඉතා බරපතල අධිකරණ තීන්දුවක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමෙන් පසු එය ව්‍යවස්ථාවට පටහැනිව, ව්‍යවස්ථාව කඩකරමින් සිදු කර ඇති නීති විරෝධී ක්‍රියාවක් බවට ලබා දුන් තීන්දුවයි. ඒ අනුව අධිකරණය විධායකයට අවශ්‍ය ලෙස නොව රටේ මූලික නීතියට අනුව මෙහෙයවන ස්ථානයක් බවට සනාථ කරන ලදී.

මෙම තීන්දුවෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට අධිකරණය තමන්ගේ මතයට අනුව මෙහෙයවිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ දැඩි උත්සාහයක නිරතවෙමින් සිටින බවට වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් අනුමත කර එවන ලෙස දන්වා ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේ සිය නිර්දේශ එවා තිබිණි. ජනාධිපතිවරයාගේ එම නිර්දේශවලින් නම් තුනක් අනුමත කරමින් පසුගිය ඔක්තෝබර් 25 වනදා ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් සඳහා යොමු කර තිබිණි.

එ් අනුව ගාමිණී අමරසේකර සහ තුරෙයිරාජා යන විනිසුරුතුමන්ලා ශ්‍රේෂ්ඨාධිකරණයටත් ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා අභියාචනාධිකරණයටත් අනුමත කර යවා තිබිණි.

එහෙත් එම පත්විම් සිදු නොකර ජනාධිපතිවරයා විසින් මේ වනවිට යළි අදාළ පත්කිරීම් සඳහා වෙනත් නම් කිහිපයක් නිර්දේශ කර ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බව වාර්තා වේ.

එම නම් අතර ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේ ව්‍යවස්ථා සභාවට යොමු කළ තම නිර්දේශ නාමයන් අතර සිටි ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ නාමයන්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් බවත් මෙයින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා තමන්ට අවනත කර ගත හැකි විනිසුරුවරුන් ඉහළ අධිකරණ සඳහා පත් කර ගැනීමේ කූඨ උත්සාහයක නියැලී සිටින බවත්ය.

ව්‍යවස්ථා සභාව විසින් පෙර අනුමත කළ නාමයන් තිබියදී මෙලෙස යළි අභියාචනාධිකරණයට පත් කරන ලෙස යොමු කර ඇත්තේ කුසලා සරෝජනී වීරවර්ධන විනිසුරුවරියගේ නම සහ හෙයියන්තුඩුව විනිසුරුවරයාගේ නම ය.

නීති විශාරදයින් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම තුළින් පෙන්නුම් කරන්නේ පියවරයෙන් පියවර ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් අධිකරණයටද බලපෑම් කිරීමට හැකි ලෙස එම ක්ෂේත්‍රය සකස් කර ගැනීමට සූදානම් බව යැයිද ලොව සෑම තැනකදී මෙන්ම මෙරටදී ලැබී ඇති  පැරණි අත්දැකීම් අනුවද විධායක බලයක් හිමි පාලකයන් තමන්ගේ බලය ගිලිහී යන විට ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් කටයුතු කළ අතර මෙයින්ද පෙන්නුම් කරන්නේ එවැනි ස්වභාවයක් ලක්ෂණ බවයි.

The post ජනාධිපති මෛත්‍රීපාල අධිකරණයත් නමන සැලැසුමකට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();