ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දුටුවා.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචිත ධනවාදයට විකල්පයක් අප සතු කෘතිය මහ මහනායක හිමිවරුන් වෙත පිළිගැන්විය.
එහිදී ගුණදාස අමරසේකර මහතා විසින් පවසා සිටියේ මේ රටේ ඉරණම විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරැන් හත්දෙනකුට භාරදිය නොහැකි බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දිනෙන් දින කල් දමමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති අවස්ථාව අහිමි කරමින් තීන්දුවක් ලබා දුන්හොත් අපි ජනපතිතුමන් ගෙන් ඉල්ලා සිටින්නේ වහාම එම අයිතිය ජනතාවට ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙසත්ය.
0 Comments