මීළඟ මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ පමණක් තරග වැදිය යුතු බවට තම කණ්ඩායම තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියාසිටියි. ඔහු මේ අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
පොහොට්ටුව ලකුණින් තරග වැදීම සඳහා අවශ්‍ය පසුබිම තමන් නිර්මාණය කරන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ නායකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමත් සමඟ එක්ව තරග කිරීමට ඒකමතිකව තීරණය කර ඇතිබව තමන් නොබියව කියා සිටින බවද ප්‍රසන්න රණතුංග මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.
පොහොට්ටුව යනු සන්ධානගතව ඉදිරිපත්වන පෙරමුණක් බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයේද එසේ සන්ධානගත වී බවත් පැවසූ ප්‍රසන්න රණතුංග ඉදිරි මැතිවරණ සඳහාත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ එක් කරගෙන යන වැඩපිළිවෙලක් පොහොට්ටුවෙන් සකස් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.
The post බුලත් කොළ , අත්, පුටු නැහැ. පොහොට්ටුවෙන් පමණයි. appeared first on Lanka News Column.
0 Comments