ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පසු වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව බැඩ්මින්ටන් ක්‍රීඩාව බව ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානයේ පසුවන ඉන්දීය ක්‍රීඩිකා සායිනා නෙහෙවාල් පවසයි. ක්‍රිකට් උන්මාදයක් ඇතැයි පවසන ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව සේම බැඩ්මින්ටන් ක්‍රීඩාව සාමාන්‍ය ජනතාව අතර ප්රචලිතවී ඇතැයි නෙහෙවාල්ගේ අදහසවී තිබේ.
බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වූ ඇය වසර 2015දී ලොව අංක එකේ බැඩ්මින්ටන් ක්රීඩාකාව බවට පත්වූවාය.
“ඕනෑම ක්‍රීඩාවක් සාර්ථක වන්නේ එම ක්‍රීඩාවට සමාජයේ ඇතිවන ආකර්ශනය හා දැඩි සම්බන්ධතාවයි. මා බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ කළේ 2001දී. මාගේ දුෂ්කර ගමනට මව්පියන්ගේ නොමද සහයෝගයක් ලැබුණා. සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ඉදිරියට යෑමේදී මව්පියන්ගේ කැමැත්ත හා ප්‍රමුඛතාව වැදගත්. ඒ වගේම එම ක්‍රීඩාවෙන් බිහිවෙන පරමාදර්ශී චරිත ක්‍රීඩාවේ දියුණුවට වැදගත්. අද ඉන්දියාවේ බහුතර දරුවන් බැඩ්මින්ටන් ක්‍රීඩාව වැළදගෙන ඇති බව පෙනෙනවා. මව්පියන්ගේ හා දරුවන්ගේ අභිලාෂ බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි වැඩි වශයෙන් යොමුවීම ඉන්දීය ක්‍රීඩාවේ කැපී පෙනෙන වෙනසක්” සායිනා නෙහෙවාල් පැවැසූවාය.
ඉන්දීය රජය විවිධ ප්‍රදේශවල බැඩ්මින්ටන් පුහුණු කඳවුරු පැවැත්වීමත් නාගරික ප්‍රදේශවල ඒවාට ඇති ඉහළ ඉල්ලුමත් සතුටට කරුණක් බවද ඉන්දීය ක්‍රීඩිකා සායිනා නෙහෙවාල් පවසන්නීය.
ප්‍රින්ස්
0 Comments